එළිදරව් Chapter 2

For English

Read එළිදරව් Chapter 2 Online

Read එළිදරව් Chapter 2 online from the Holy Bible. This chapter is part of the Book of එළිදරව් in the New Testament. Browse every verse with easy chapter navigation, continue to the next chapter, or explore the complete Book of එළිදරව් and the Holy Bible online.

Choose a Chapter

A+ A A-

එළිදරව් 2

පරිච්ඡේදය 2

1. එපීසයෙහි සභාවේ දූතයාට මෙසේ ලියන්න: තමන් දකුණෙතෙහි තාරකා සත දරන්නාවූද, රන් පහන් රුක් සත මැද සක්මන්කරන්නාවූද තැනන්වහන්සේ මේ කාරණා කියනසේක.

2. එනම්, නුඹේ ක්‍රියාවල්ද, නුඹේ වැඩ සහ ඉවසීමද, නුඹ නපුරන් නුරැස්සන බවද, ප්‍රේරිතයන් නොවන නුමුත් තුමූ ප්‍රේරිතයෝය කියන්නන් නුඹ සෝදිසිකර බලා ඔවුන් බොරුකාරයන්යයි නුඹ දැනගත් බවද,

3. ඉවසිල්ලෙන් යුක්තව මාගේ නාමය නිසා දුක් උසුලා ක්ලාන්ත නොවූ බවද දනිමි.

4. නුමුත් නුඹේ පළමු ප්‍රේමය අත්හැරියෙහිය යන කාරණය නුඹට විරුද්ධව මට ඇත්තේය.

5. එබැවින් නුඹ වැටී සිටින්නේ කොතැනින්දැයි සිහිකොට, පශ්චාත්තාපව, පළමු ක්‍රියාවන් කරන්න; නැතහොත් මම නුඹ ළඟට ඇවිත්, නුඹ පශ්චාත්තාප නොවෙනවා නම්, නුඹේ පහන් රුක ස්වකීය ස්ථානයෙන් අහක්කරන්නෙමි.

6. නුමුත් මේක නුඹට ඇත්තේය, එනම්, මා ද්වේෂකරන නිකොලායිතයන්ගේ ක්‍රියාවලට නුඹත් ද්වේෂකරන්නෙහිය.

7. ආත්මයාණන්වහන්සේ සභාවලට කියන දේ කන් ඇත්තේ අසාවා. ජයගන්නාට නම් දෙවියන්වහන්සේගේ පාරාදීසයෙහි තිබෙන ජීවන වෘක්ෂයෙන් කන්ට දෙන්නෙමි.

8. තවද ස්මර්ණයෙහි සභාවේ දූතයාට මෙසේ ලියන්න: පළමුවෙනියාද අන්තිමයාද වන, මැරී ජීවත්වුණාවූ තැනන්වහන්සේ මේ කාරණා කියනසේක.

9. එනම්, මම නුඹේ පීඩාවද දිළිඳුකමද දනිමි (නුමුත් නුඹ ධනවත්ය), යුදෙව්වන් නොවන නුමුත් තුමූ යුදෙව්වෝයයි කියන සාතන්ගේ සිනගෝගයක්ව සිටින්නන්ගේ අපහාසයද දනිමි.

10. නුඹ විඳින්ට යන දේවලට භය නොවන්න. බලව, නුඹලා විමසනු ලබන පිණිස යක්ෂයා නුඹලාගෙන් සමහර දෙනෙකුන් හිරගෙයි දමන්ට යන්නේය; නුඹලා දස දවසක් පීඩා විඳින්නහුය. මරණය දක්වා විශ්වාසව සිටින්න, එවිට මම ජීවනයේ ඔටුන්න නුඹට දෙන්නෙමි.

11. ආත්මයාණන්වහන්සේ සභාවලට කියන දේ කන් ඇත්තේ අසාවා. ජයගන්නාට නම් දෙවෙනි මරණයෙන් අනතුරු නොවන්නේය.

12. තවද පර්ගමම්හි සභාවේ දූතයාට මෙසේ ලියන්න: දෙමුවහත් තියුණු කඩුව ඇත්තාවූ තැනන්වහන්සේ මේ කාරණා කියනසේක.

13. එනම්, නුඹ වාසයකරන ස්ථානයද දනිමි, එනම් සාතන්ගේ සිංහාසනය තිබෙන තැනය. නුඹ මාගේ නාමය තදින් අල්ලාගන සිටින බවද සාතන් වාසයකරන ස්ථානයෙහිදී නුඹලා අතරෙහි මරනු ලැබූ මාගේ විශ්වාස සාක්ෂිකාරවූ අන්තිපස්ගේ දවස්වලදීවත් මා කෙරෙහි ඇදහීම අත් නොහැරිය බවද දනිමි.

14. එහෙත් දේවතා රෑපවලට පිදූදේ කන්ටත් වේශ්‍යාකම්කරන්ටත් ඉශ්‍රායෙල් පුත්‍රයන් ඉදිරියෙහි බාධාවක් තැබීමට බාලාක්ට ඉගැන්වූ බාලාම්ගේ ඉගැන්වීම දරන්නන් ඔතැන නුඹ ළඟ සිටින බැවින් නුඹට විරුද්ධව කියන්ට කරුණු ස්වල්පයක් මට තිබේ.

15. මෙසේ නිකොලායිතයන්ගේ ඉගැන්වීම දරන්නොත් ඒ ආකාරයෙන්ම නුඹට සිටිති.

16. එබැවින් පශ්චාත්තාපවෙන්න; නැතහොත් මම ඉක්මනින් නුඹ ළඟට ඇවිත්, මාගේ මුඛයේ කඩුවෙන් ඔවුන්ට විරුද්ධව සටන්කරන්නෙමි.

17. ආත්මයාණන්වහන්සේ සභාවලට කියන දේ කන් ඇත්තේ අසාවා. ජයගන්නාට නම් සැඟවී තිබෙන මන්නාවලින් දෙන්නෙමි, ලබන්නා මිස වෙන කිසිවෙක් නොදන්න අලුත් නාමයක් ලියා තිබෙන සුදු ගලක්ද ඔහුට දෙන්නෙමි.

18. තවද තියාතිරාවෙහි සභාවේ දූතයාට මෙසේ ලියන්න: ගිනි දැල්ලක් වැනි ඇස්ද දිලිහෙන පිත්තල වැනි පාදයන්ද ඇත්තාවූ දෙවියන්වහන්සේගේ පුත්‍රයා මේ කාරණා කියනසේක.

19. එනම්, මම නුඹේ ක්‍රියාද ප්‍රේමයද ඇදහිල්ලද සේවයද ඉවසිල්ලද නුඹේ පළමු ක්‍රියාවලට වඩා අන්තිම ක්‍රියා වැඩි බවද දනිමි.

20. නුමුත් නුඹට විරුද්ධව මේ කාරණය මට ඇත්තේය, එනම්, තමාම අනාගතවක්ත්‍රියෙකැයි කියාගන්නාවූ ස්ත්‍රී වන යෙශෙබල්ට නුඹ අවකාශ දෙන්නෙහිය; ඈ වනාහි වේශ්‍යාකම්කරන්ටද දේවතා රෑපවලට පූජාකළ දේ කන්දට මාගේ මෙහෙකරුවන්ට උගන්වා මුළාකරන්නීය.

21. පශ්චාත්තාපවෙන්ට ඈට කල් දුනිමි; නුමුත් ඈ තමාගේ වේශ්‍යාකම ගැන පශ්චාත්තාපවෙන්ට නොකැමැත්තීය.

22. බලව, ඈ යහනකට හෙළමි, ඈ සමඟ කාමමිථ්‍යාචාරය කරන්නෝ ඇගේ ක්‍රියා ගැන පශ්චාත්තාප නොවෙත් නම්, ඔවුන්ද මහත් පීඩාවකට හෙළමි.

23. ඇගේ දරුවන්ද වසංගතයෙන් නසන්නෙමි; මා වනාහි අදහස්ද හෘදයන්ද විමසන තැනැත්තා බව සියලු සභාවෝ දැනගන්නාහුය. මම නුඹලා එක් එක්කෙනාට නුඹලාගේ ක්‍රියා හැටියට දෙන්නෙමි.

24. නුමුත් මේ ඉගැන්වීම නැත්තාවූ, ගැඹුරුයයි ඔවුන් කියන සාතන්ගේ ගැඹුරුවූ කාරණා නොදන්නාවූ, තියාතිරාවෙහි ඉතිරිව සිටින්නාවූ නුඹලා පිට මම වෙන කිසි බරක් නොතබමියි නුඹලාට කියමි.

25. එසේවී නුමුත් නුඹලාට ඇති දේ මා එන තුරු තදින් අල්ලාගන සිටින්න.

26. ජයගන්නාවූ, කෙළවර දක්වා මාගේ ක්‍රියා පවත්වන්නාවූ තැනැත්තාට නම් මාගේ පියාණන්වහන්සේගෙන් මා ලැබූ ලෙස ජාතීන් කෙරෙහි බලය දෙන්නෙමි.

27. කුම්භකාරයාගේ භාජන බිඳ සුණුකරනු ලබන්නාක්මෙන් ඔහු ඔවුන් යදණ්ඩකින් ආණ්ඩුකරන්නේය.

28. ඔහුට පහන් තාරකාව දෙන්නෙමි.

29. ආත්මයාණන්වහන්සේ සභාවලට කියන දේ කන් ඇත්තේ අසාවා.

About එළිදරව් Chapter 2

Read එළිදරව් Chapter 2 online from the Holy Bible. This chapter is part of the Book of එළිදරව් in the New Testament. Continue reading with the chapter navigation above or explore the complete book.

Book Information

Book: එළිදරව්
Chapter: 2
Testament: New Testament

How to Read this Chapter

Use the Previous and Next Chapter buttons to continue reading එළිදරව්. You can also adjust the font size for comfortable reading and browse other books of the Bible using the navigation links.

https://www.youtube.com/watch?v=rzsT_Q3KLzE

More Resources

Continue Reading the Bible

Continue reading එළිදරව් Chapter 2 and explore every book, chapter and verse of the Holy Bible. Use the navigation links above and below to move through the Scriptures with ease.

Frequently Asked Questions

What is එළිදරව් Chapter 2?

එළිදරව් Chapter 2 is part of the Book of එළිදරව් in the Holy Bible.

Can I read this chapter online?

Yes. You can read the complete එළිදරව් Chapter 2 online for free with easy chapter navigation.

More Chapters from එළිදරව්

  1. එළිදරව් Chapter 8
  2. එළිදරව් Chapter 20
  3. එළිදරව් Chapter 10
  4. එළිදරව් Chapter 5
  5. එළිදරව් Chapter 3
  6. එළිදරව් Chapter 21
  7. එළිදරව් Chapter 17

Explore More from නව ගිවිසුම

  1. ශු. මාර්ක් Chapter 10
  2. ක්රිරයා Chapter 9
  3. ශු. ලූක් Chapter 12
  4. ශු. මතෙව් Chapter 7
  5. ශු. යොහන් Chapter 6
  6. රෝම Chapter 15
  7. ක්රිරයා Chapter 12

Related Chapters & Readings

  1. එළිදරව් Chapter 6
  2. උත්පත්ති Chapter 19
  3. ක්රිරයා Chapter 28
  4. 2 රාජාවලිය Chapter 6
  5. 1 සාමුවෙල් Chapter 21
  6. 2 ලේකම් Chapter 15
  7. එස්තර් Chapter 10
Share Your Love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *