එළිදරව් Chapter 13

For English

Read එළිදරව් Chapter 13 Online

Read එළිදරව් Chapter 13 online from the Holy Bible. This chapter is part of the Book of එළිදරව් in the New Testament. Browse every verse with easy chapter navigation, continue to the next chapter, or explore the complete Book of එළිදරව් and the Holy Bible online.

Choose a Chapter

එළිදරව් 13

පරිච්ඡේදය 13

1. අං දසයක්ද හිස් සතක්ද ඇත්තාවූ මෘගයෙක් මුහුදෙන් මතුවෙනවා දුටිමි, උගේ අං පිට ඔටුනු දසයක්ද උගේ හිස්වල අපහාස නාමවල්ද තිබුණේය.

2. මා දුටු මෘගයා අඳුන්දිවියෙකුට සමානය, උගේ පාද වළසෙකුගේ පාද වැනිය, උගේ කට සිංහයෙකුගේ කට වැනිය. මහ සර්පයා තමාගේ පරාක්‍රමයත් තමාගේ සිංහාසනයත් මහත් බලයත් ඌට දුන්නේය.

3. මැරෙන තරමට උගේ හිස්වලින් එකකට තුවාලවී තිබෙන්නාක්මෙන් පෙනුණේය; නුමුත් උගේ මරණීය තුවාලය සුවවිය. මුළු ලෝකයා මෘගයා පස්සේ පුදුමව ගියෝය;

4. මහ සර්පයා මෘගයාට බලය දුන් නිසා ඔව්හු මහ සර්පයාට නමස්කාරකළෝය; ඔව්හු මෘගයාටත් නමස්කාරකොට: මෘගයාට සමාන කවුද? ඌ හා සමඟ යුද්ධකරන්ට කවෙරකුට හැකිදැයි කීවෝය.

5. අහංකාර දේවල්ද දේව අපහාසද කථාකරන මුඛයක් ඌට දෙනලද්දේය. මාස සතළිස් දෙකක් පවතින්ට ඌට බලය දෙනලද්දේය.

6. එකල ඌ දෙවියන්වහන්සේට විරුද්ධව අපහාසකරන පිණිසද උන්වහන්සේගේ නාමයට සහ උන්වහන්සේගේ මණ්ඩපයටත්, එනම් ස්වර්ගයෙහි වාසයකරන්නන්ටත් අපහාසකරන පිණිසද මුඛය ඇරියේය

7. තවද ශුද්ධවන්තයන්ට විරුද්ධව යුද්ධ කරන්ටද ඔවුන්ගෙන් ජයගන්ටද ඌට ඉඩ දෙනලද්දේය. සියලු ගෝත්‍රයන්ද සෙනඟද භාෂාවන්ද ජාතීන්ද කෙරෙහි ඌට බලය දෙනලද්දේය.

8. ලෝකය පටන්ගැන්මේ සිට මරණලද බැටළුපැටවාණන්ගේ ජීවනපොතෙහි නම් ලියවී නොතිබුණු පොළොවෙහි වසන සියල්ලෝ ඌට නමස්කාරකරන්නෝය.

9. යමෙකුට කන් ඇත්තේද ඔහු අසාවා.

10. යමෙක් වහල්කමට නියම නම්, ඔහු වහල්කමට යන්නේය. යමෙක් කඩුවෙන් මරන්නේ නම්, ඔහු කඩුවෙන් මරනු ලබන්ට ඕනෑය. මෙහි ශුද්ධවන්තයන්ගේ ඉවසීමත් ඇදහිල්ලත් ඇත්තේය.

11. තවත් මෘගයෙක් පොළොවෙන් නැගී එනවා දුටිමි; බැටළුපැටවෙකුට මෙන් අං දෙකක් ඌට තිබුණේය, ඌ මහ සර්පයෙකු මෙන් කථාකෙළේය.

12. ඌ පළමුවෙනි මෘගයාගේ මුළු බලය ඌ ඉදිරියෙහි පවත්වමින්, තමාගේ මරණීයවූ තුවාලයෙන් සුවවුණ පළමුවෙනි මෘගයාට නමස්කාරකරන්ට පොළොවටද එහි වැසියන්ටද සලස්වන්නේය.

13. ඌ මනුෂ්‍යයන් ඉදිරියෙහි අහසින් පොළොවට ගිනි බස්වන තරමට මහත් හාස්කම් කරන්නේය.

14. කඩු පහර ලැබත් ජීවත්වූ මෘගයාට රූපයක් සාදන්ට ඕනෑයයි පොළොවේ වැසියන්ට කියමින්, මෘගයා ඉදිරියෙහි කරන්ට ලැබුණු හාස්කම් කරණකොටගෙන ඌ පොළොවේ වැසියන් මුළාකරන්නේය.

15. මෘගයාගේ රූපය කථාකර, මෘගයාගේ රූපයට නමස්කාර නොකරන සියල්ලන් මරනු ලබන්ට සලස්වන පිණිස පවා මෘගයාගේ රූපයට පණ දෙන්ට ඌට බලය ලැබුණේය.

16. තවද ලොකු කුඩා, පොහොසත් දිළිඳු, දාස නිර්දාස යන සියල්ලන්ට තමුන්ගේ දකුණෙත් හෝ නළලේ හෝ සලකුණක් ලබන්ටත්;

17. ඒ සලකුණ වන මෘගයාගේ නාමය හෝ උගේ නාමයේ ගණන හෝ ඇත්තාට මිස අන් කිසිවෙකුට මිලේටගන්ටවත් විකුණන්ටවත් නුපුළුවන්වන හැටියටත් සලස්වන්නේය.

18. මෙහි ප්‍රඥාව ඇත්තේය. නුවණ ඇත්තා මෘගයාගේ ගණන ගණන්කරාවා; මක්නිසාද ඒක මනුෂ්‍යයෙකුගේ ගණනක්ය. උගේ ගණනද හසිය හැට හයක්ය.

About එළිදරව් Chapter 13

Read එළිදරව් Chapter 13 online from the Holy Bible. This chapter is part of the Book of එළිදරව් in the New Testament. Continue reading with the chapter navigation above or explore the complete book.

Book Information

Book: එළිදරව්
Chapter: 13
Testament: New Testament

How to Read this Chapter

Use the Previous and Next Chapter buttons to continue reading එළිදරව්. You can also adjust the font size for comfortable reading and browse other books of the Bible using the navigation links.

https://www.youtube.com/watch?v=rzsT_Q3KLzE

More Resources

Continue Reading the Bible

Continue reading එළිදරව් Chapter 13 and explore every book, chapter and verse of the Holy Bible. Use the navigation links above and below to move through the Scriptures with ease.

Frequently Asked Questions

What is එළිදරව් Chapter 13?

එළිදරව් Chapter 13 is part of the Book of එළිදරව් in the Holy Bible.

Can I read this chapter online?

Yes. You can read the complete එළිදරව් Chapter 13 online for free with easy chapter navigation.

More Chapters from එළිදරව්

  1. එළිදරව් Chapter 8
  2. එළිදරව් Chapter 5
  3. එළිදරව් Chapter 20
  4. එළිදරව් Chapter 17
  5. එළිදරව් Chapter 10
  6. එළිදරව් Chapter 6
  7. එළිදරව් Chapter 3

Explore More from නව ගිවිසුම

  1. ශු. යොහන් Chapter 8
  2. 1 කොරින්ති Chapter 1
  3. ශු. මතෙව් Chapter 22
  4. ශු. මතෙව් Chapter 12
  5. යාකොබ් Chapter 5
  6. 1 කොරින්ති Chapter 3
  7. රෝම Chapter 10

Related Chapters & Readings

  1. ද්වීතීය කථාව Chapter 3
  2. එසකියෙල් Chapter 13
  3. ගීතාවලිය Chapter 88
  4. 1 ලේකම් Chapter 29
  5. මලාකි Chapter 2
  6. යෙරෙමියා Chapter 32
  7. 1 රාජාවලිය Chapter 2
Share Your Love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *