Read 1 පේතෘස් Chapter 4 Online
Read 1 පේතෘස් Chapter 4 online from the Holy Bible. This chapter is part of the Book of 1 පේතෘස් in the New Testament. Browse every verse with easy chapter navigation, continue to the next chapter, or explore the complete Book of 1 පේතෘස් and the Holy Bible online.
Choose a Chapter
1 පේතෘස් 4
පරිච්ඡේදය 4
1. ඉතින් ක්‍රිස්තුස්වහන්සේ මාංසයෙන් (අප උදෙසා) වධවින්ද බැවින්, මාංසයේ ඉතිරිව තිබෙන කාලයෙහි තවත් මනුෂ්‍යයන්ගේ තෘෂ්ණා ලෙස නොව,
2. දෙවියන්වහන්සේගේ කැමැත්ත ලෙස ජීවත්වෙන පිණිස එම සිත ආයුධයක් කොට පැළඳගන්න. මක්නිසාද මාංසයෙන් වධවින්ද තැනැත්තේ පාපයෙන් නිදහස්වී සිටියි.
3. සල්ලාලකම්වලද තෘෂ්ණාවලද බීමත්කම්වලද නපුරු මංගල්‍යවලද මත්පැන්බීම්වලද පිළිකුල්වූ රූපඇදහීම්වලද හැසිර, අන්‍යජාතීන්ගේ කැමැත්ත කරමින් නුඹලා ගතකළාවූ කාලය ඉතා ඇත.
4. ඔවුන් සමඟ එම අනාචාර බහුලත්වයට නුඹලා නොයන බැවින් ඔව්හු ඊට පුදුමව නුඹලාට අපහාසකරති.
5. ඔවුන් විසින් ජීවතුන්ද මළවුන්ද විනිශ්චයකරන්ට සූදානම්ව සිටින තැනන්වහන්සේට ගණන්දෙන්ට වෙනවා ඇත.
6. මක්නිසාද මළවුන්ට පවා ශුභාරංචිය ප්‍රකාශකරනු ලැබුවේ, ඔවුන් මනුෂ්‍යාකාරයෙන් මාංසයෙන් විනිශ්චය කරනු ලැබූ නුමුත්, දේවාකාරයෙන් ආත්මයෙන් ජීවත්වෙන පිණිසය.
7. නුමුත් සියලු දේවල අන්තිමය ළංවී තිබේ. එබැවින් නුඹලා සිහියෙන් යුක්තව සිට, යාච්ඤාකිරීම පිණිස පිබිද සිටින්න.
8. ඇරත් ප්‍රේමය පව් රාශියක් වසන බැවින්, සියලු දේවලට වඩා එකිනෙකා කෙරෙහි බලවත් ප්‍රේමයක් ඇතුව සිටින්න.
9. කොඳුරන්නේ නැතුව එකිනෙකාට ආගන්තුක සත්කාර කරන්න.
10. දෙවියන්වහන්සේගේ අනේකාකාර කරුණාවේ යහපත් ගබඩාකාරයන් මෙන් එකිනෙකාට ලැබුණු දීමනාවේ හැටියට එයින් එකිනෙකාට සේවයකරන්න.
11. යමෙක් කථාකෙරේ නම්, දෙවියන්වහන්සේගේ වාක්‍ය වශයෙන් කථාකරාවා; යමෙක් සේවයකෙරේ නම්, දෙවියන්වහන්සේ සපයාදෙන ශක්තියේ ප්‍රකාර සේවයකරාවා. දෙවියන්වහන්සේට යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කරණකොටගෙන සියලු කාරණාවලදී ගෞරව පැමිණෙන පිණිස එසේකරන්ට ඕනෑය. මහිමයත් පරාක්‍රමයත් සදාකාලේටම උන්වහන්සේගේය. ආමෙන්.
12. ප්‍රේමවන්තයෙනි, නුඹලා සෝදිසි කිරීම පිණිස පැමිණෙන නුඹලා අතරේ තිබෙන ගිනිමය පීඩාව ගැන අපූර්ව කාරණාවක් නුඹලාට සිද්ධවෙන්නාක්මෙන් පුදුම නොවෙන්න.
13. නුමුත් ක්‍රිස්තුස්වහන්සේගේ තේජසේ එළිදරව්වීමේදීත් නුඹලා ඉතා මහත් ප්‍රීතියකින් ප්‍රීතිවන පිණිස උන්වහන්සේගේ දුක් විඳීමෙහි නුඹලා පංගුකාරයන් වන ප්‍රමාණයට ප්‍රීතිවෙන්න.
14. ක්‍රිස්තුස්වහන්සේගේ නාමය නිසා නින්දාකරනු ලබන්නහු නම් නුඹලා ආශීර්වාදලද්දහුය; මක්නිසාද මහිමයේ ආත්මයාණන්වහන්සේ වන දෙවියන්වහන්සේගේ ආත්මයාණන්වහන්සේ නුඹලා කෙරෙහි රඳනසේක.
15. නුඹලාගෙන් කිසිවෙක් මිනීමරන්නෙක්වත් සොරෙක්වත් නපුර කරන්නෙක්වත් අනුන්ගේ කාරණාවලටම දිවන්නෙක්වත් මෙන් දුක් නොවිඳීවා.
16. නුමුත් යමෙක් ක්‍රිස්තියානිකාරයෙකු මෙන් දුක්විඳී නම්, ඔහු ලජ්ජා නොවී, ඒ නාමය සම්බන්ධයෙන් දෙවියන්වහන්සේට ගෞරවකරාවා.
17. මක්නිසාද දෙවියන්වහන්සේගේ ගෘහයේ සිට විනිශ්චය පටන්ගන්ට කාලය පැමිණ තිබේ. එය පළමුකොට අප ළඟ සිට පටන්ගත්තොත්, දෙවියන්වහන්සේගේ ශුභාරංචියට කීකරු නොවන්නන්ගේ අන්තිමය කුමක් වන්නේද?
18. ධර්මිෂ්ඨයා අමාරුවෙන් ගැළවෙන්නේ නම් අභක්තිකයාද පව්කාරයාද කොතැන පෙනෙද්ද?
19. එබැවින් දෙවියන්වහන්සේගේ කැමැත්ත ලෙස දුක්විඳින්නෝ යහපත කරමින්, විශ්වාස මැවුම්කාරයාණන්ට තමුන්ගේ ආත්ම භාරදෙත්වා.
About 1 පේතෘස් Chapter 4
Read 1 පේතෘස් Chapter 4 online from the Holy Bible. This chapter is part of the Book of 1 පේතෘස් in the New Testament. Continue reading with the chapter navigation above or explore the complete book.
Book Information
Book: 1 පේතෘස්
Chapter: 4
Testament: New Testament
How to Read this Chapter
Use the Previous and Next Chapter buttons to continue reading 1 පේතෘස්. You can also adjust the font size for comfortable reading and browse other books of the Bible using the navigation links.
More Resources
Continue Reading the Bible
Continue reading 1 පේතෘස් Chapter 4 and explore every book, chapter and verse of the Holy Bible. Use the navigation links above and below to move through the Scriptures with ease.
Frequently Asked Questions
What is 1 පේතෘස් Chapter 4?
1 පේතෘස් Chapter 4 is part of the Book of 1 පේතෘස් in the Holy Bible.
Can I read this chapter online?
Yes. You can read the complete 1 පේතෘස් Chapter 4 online for free with easy chapter navigation.
More Chapters from 1-පේතෘස්
Explore More from නව ගිවිසුම
- හෙබ්රෙනව් Chapter 2
- රෝම Chapter 5
- එපීස Chapter 6
- 2 යොහන් Chapter 1
- යාකොබ් Chapter 2
- යාකොබ් Chapter 3
- රෝම Chapter 11