Read 2 පේතෘස් Chapter 1 Online
Read 2 පේතෘස් Chapter 1 online from the Holy Bible. This chapter is part of the Book of 2 පේතෘස් in the New Testament. Browse every verse with easy chapter navigation, continue to the next chapter, or explore the complete Book of 2 පේතෘස් and the Holy Bible online.
Choose a Chapter
2 පේතෘස් 1
පරිච්ඡේදය 1
1. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ දාසයෙක්ද ප්‍රේරිතයෙක්දවූ, සීමොන් පේතෘස් නම් මා විසින්, අපේ දෙවිවූ ගැළවුම්කාරවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ධර්මිෂ්ඨකමෙන් අප වාගේ එක සමාන අනර්ඝ ඇදහිල්ල ලැබූවන්ට ලියා එවන වග නම්:
2. දෙවියන්වහන්සේද අපගේ ස්වාමීවූ යේසුස්වහන්සේද දැනගැනීමෙන් අනුග්‍රහයත් සමාදානයත් නුඹලාට වැඩිවේවා.
3. මක්නිසාද තමන්වහන්සේගේ මහිමයෙන් හා ගුණවන්තකමෙන් අප කැඳවාගත් තැනන්වහන්සේ දැනගැනීම කරණකොටගෙන, උන්වහන්සේගේ දිව්‍ය බලයෙන් ජීවිතයටත් දේවභක්තියටත් අදාළවූ සියලු දේ අපට දී තිබේ.
4. ඒ කරණකොටගෙන උන්වහන්සේ තමන් අනර්ඝවූ ඉතා උතුම්වූ පොරොන්දු අපට දී තිබේ; එසේ කළේ තෘෂ්ණාව නිසා ලෝකයේ තිබෙන දූෂ්‍යකමෙන් නුඹලා ගැළවී, ඒ පොරොන්දු කරණකොටගෙන දේව ස්වභාවට පංගුකාරයන් වන පිණිසය.
5. එසේය, මේ කාරණය නිසාම මුළු උත්සාහයෙන් නුඹලාගේ ඇදහිල්ල සමඟ ගුණයද, ගුණය සමඟ දැනගැන්මද,
6. දැනගැන්ම සමඟ පමණ දැන ක්‍රියාකිරීමද, පමණ දැන ක්‍රියාකිරීම සමඟ ඉවසිල්ලද, ඉවසිල්ල සමඟ දේවභක්තියද,
7. දේවභක්තිය සමඟ සහෝදර ස්නේහයද, සහෝදර ස්නේහය සමඟ ප්‍රේමයද සපයාගන්න.
8. මක්නිසාද මේවා නුඹලාට තිබේ නම්, වැඩිවේ නම්, අපගේ ස්වාමීවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ දැනගැනීමෙහි කම්මැළි බවටවත් අඵල බවටවත් පැමිණෙන්ට ඒවා නුඹලාට ඉඩ නොදෙයි.
9. නුමුත් මේවා නැති තැනැත්තේ තමාගේ පරණ පව්වලින් පවිත්‍ර කරනු ලැබූ බව මතකනැතිකොට, ළඟ තිබෙන දේ පමණක් බලමින්, අන්ධව සිටියි.
10. එබැවින්, සහෝදරයෙනි, නුඹලාගේ කැඳවීමද තෝරාගැනීමද ස්ථිරකරගන්න පිණිස වඩා කඩිසරව ක්‍රියාකරන්න. මක්නිසාද නුඹලා මේ දේ කරනවා නම් කිසි කලකත් පැකිලෙන්නේ නැත.
11. මක්නිසාද මෙසේ අපගේ ස්වාමිවූ ගැළවුම්කාරවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ සදාකාල රාජ්‍යයට ඇතුල්වීම නුඹලාට බොහෝසේ දෙනුලැබේ.
12. එබැවින් නුඹලා මේ දේවල් දැන නුඹලාට තිබෙන සත්‍යතාවෙහි පිහිටා සිටින නුමුත් මම නුඹලාට මේ දේවල් සිහිකරවන්ට නිතර සූදානම්ව සිටිමි.
13. අපගේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ මට පෙන්වූ ලෙසම මාගේ කූඩාරම පහකරදැමීමේ කාලය වහාම පැමිණෙන බව දැන,
14. මම මේ කූඩාරමෙහි සිටින තුරු, නුඹලාට සිහිකරවීමෙන් නුඹලා පුබුදුවන්ට යුතුයයි සිතමි.
15. එසේය, මාගේ ඇවෑමෙන් පසු නුඹලාට මේ දේවල් හැම කල්හිම සිහිකරගන්ට පුළුවන්වන පිණිස කඩිසරව ක්‍රියාකරන්නෙමි.
16. මක්නිසාද අපගේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ බලයත් ඊමත් අප නුඹලාට දැන්වූ කල, උන්වහන්සේගේ මහිමය ඇසින් දැකලා මිස ප්‍රයෝගයෙන් යොදනලද ප්‍රබන්ධ අනුව එසේ නොකෙළෙමුව.
17. මක්නිසාද: මොහු මාගේ ප්‍රේමවන්ත පුත්‍රයාය, මොහු කෙරෙහි මම ප්‍රසන්නව සිටිමියි යන හඬක් උත්කෘෂ්ඨ තේජසෙන් උන්වහන්සේ කරා පහළවූ කල්හි, පියවූ දෙවියන්වහන්සේගෙන් ගෞරවයත් තේජසත් උන්වහන්සේ ලැබූසේක.
18. උන්වහන්සේ සමඟ ශුද්ධවූ කන්දේ සිටියදී මේ හඬ ස්වර්ගයෙන් එනවා අපිම ඇසීමුව. ඊට වඩා ස්ථිරකරනලද්දාවූ අනාගතවාක්‍යය අපට තිබේ.
19. ලියවිල්ලේ කිසි අනාගතවාක්‍යයක් යමෙකුගේ අභිප්‍රායෙන්ම හට නොගන්න බව පළමුකොට දැන,
20. අලුයම පැමිණ පහන් තාරකාව නුඹලාගේ සිත් තුළෙහි පායනතුරු අඳුරු තැනක බබළන පහනක් මෙන් එය සලකන්නහු නම් යහපත්ය.
21. මක්නිසාද කිසි අනාගතවාක්‍යයක් මනුෂ්‍ය කැමැත්තෙන් කිසි කලක නොපැමිණියේය. නුමුත් මනුෂ්‍යයෝ ශුද්ධාත්මයාණන් විසින් පොලඹවනු ලැබ, දෙවියන්වහන්සේගෙන් ලැබූ ලෙස කථාකළෝය.
About 2 පේතෘස් Chapter 1
Read 2 පේතෘස් Chapter 1 online from the Holy Bible. This chapter is part of the Book of 2 පේතෘස් in the New Testament. Continue reading with the chapter navigation above or explore the complete book.
Book Information
Book: 2 පේතෘස්
Chapter: 1
Testament: New Testament
How to Read this Chapter
Use the Previous and Next Chapter buttons to continue reading 2 පේතෘස්. You can also adjust the font size for comfortable reading and browse other books of the Bible using the navigation links.
More Resources
Continue Reading the Bible
Continue reading 2 පේතෘස් Chapter 1 and explore every book, chapter and verse of the Holy Bible. Use the navigation links above and below to move through the Scriptures with ease.
Frequently Asked Questions
What is 2 පේතෘස් Chapter 1?
2 පේතෘස් Chapter 1 is part of the Book of 2 පේතෘස් in the Holy Bible.
Can I read this chapter online?
Yes. You can read the complete 2 පේතෘස් Chapter 1 online for free with easy chapter navigation.
More Chapters from 2 පේතෘස්
Explore More from නව ගිවිසුම
- තීතස් Chapter 3
- රෝම Chapter 3
- හෙබ්රෙනව් Chapter 2
- ක්රිරයා Chapter 6
- 1 කොරින්ති Chapter 3
- 1 කොරින්ති Chapter 15
- ශු. මතෙව් Chapter 20