එස්තර් Chapter 5

For English

Read එස්තර් Chapter 5 Online

Read එස්තර් Chapter 5 online from the Holy Bible. This chapter is part of the Book of එස්තර් in the Old Testament. Browse every verse with easy chapter navigation, continue to the next chapter, or explore the complete Book of එස්තර් and the Holy Bible online.

Choose a Chapter

එස්තර් 5

පරිච්ඡේදය 5

1. තවද තුන්වෙනිදා එස්තර් රාජවස්ත්‍ර පැළඳගන රජගෙය ඉදිරිපිට තිබුණ රජගෙයි ඇතුල් මිදුලට ගොස් සිටියාය. රජ තෙමේ රජගෙයි රාජ සිංහාසනයෙහි ගෙයි දොරකඩ ඉදිරිපිට වැඩහුන්නේය.

2. එවිට රජ එස්තර් බිසව මිදුලේ සිටිනවා දැක ඈ කෙරෙහි කරුණාකොට, තමාගේ අත තිබුණු රන් ජයකොන්තය ඈ දෙසට දිගු කෙළේය. එස්තර් ළංව ජයකොන්තයේ මුදුනේ අග ස්පර්ශකළාය.

3. එකල රජ ඈට කථාකොට: එස්තර් බිසව, ඔබට ඕනෑ මොකද? ඔබේ අයදීම මොකද? රාජ්‍යයෙන් දෙකෙන් පංගුවක් වුණත් ඔබට දෙනු ලැබේයයි කීයේය.

4. එස්තර්ද: රජ්ජුරුවන්ට හොඳව පෙනේනම් මා විසින් රජ්ජුරුවන්ට පිළියෙළකර තිබෙන මංගල්‍ය කෑමට රජ්ජුරුවන්ද හාමාන්ද අද අවමැනවැයි කීවාය.

5. එවිට රජ එස්තර් කී ලෙස කරන්ට හාමාන් ඉක්මන්කරවන්නැයි කීවේය. මෙසේ රජද හාමාන්ද එස්තර් පිළියෙළකළ මංගල්‍යයට ආවෝය.

6. රජතෙමේ මුද්‍රිකපාන මංගල්‍යයේදී එස්තර්ට කථාකොට: ඔබේ ඉල්ලීම මොකද? ඒක ඔබට දෙනු ලැබෙන්නේය, ඔබේ අයදුම මොකද? රාජ්‍යයෙන් දෙකෙන් පංගුවක් වුණත් ඒක ඉෂ්ටකරනු ලැබේයයි කීවේය.

7. එවිට එස්තර් උත්තරදෙමින්: රජ්ජුරුවන්ගෙන් මට කරුණාව ලැබී තිබේ නම්,

8. එසේම මා ඉල්ලන දේ දෙන්ටත් මාගේ අයදුම ඉෂ්ටකරන්ටත් රජතුමා ප්‍රසන්න නම්, මාගේ ඉල්ලීම සහ අයදුම නම් රජ්ජුරුවන්ටත් හාමාන්ටත් මා විසින් පිළියෙළකරන මංගල්‍යයට ඔබ සහ හාමාන් එන ලෙසය, එවිට රජුගේ කීම ලෙස හෙට කරන්නෙමියි කීවාය.

9. හාමාන්ද ඒ දවසේදී සන්තෝෂවී ප්‍රීතිමත් සිතකින් පිටතට ගියේය. එහෙත් හාමාන් තෙම රජවාසල උන් මොර්දෙකයි තමා ඉදිරියෙහි නැගිට්ටේවත් තමා සැලකුවේවත් නැති බව දැක ඔහු කෙරෙහි උදහසින් පිරුණේය.

10. එසේ වුවත් ඔහු කෝපය සංසිඳුවාගන, ගෙට ඇවිත් තමාගේ මිත්‍රයන්ද තමාගේ භාර්යාවවූ සෙරෙෂ්ද කැඳවාගෙන,

11. තමාගේ වස්තුවේ ඓශ්වර්යයද තමාගේ දරුවන් රාශියද රජ විසින් තමා උසස්කළ හැටිද රජුගේ අනික් අධිපතීන්ටත් සේවකයන්ටත් වඩා තමා ප්‍රධානකළ හැටිද යනාදිවූ සියල්ල පැවසුවේය.

12. හාමාන් තවත් කථාකොට: එස්තර් බිසව පිළියෙළකළ මංගල්‍ය කෑමට මා මිස රජු සමඟ වෙන කිසිවෙක් ගෙන්නෙව්වෙත් නැත; හෙටත් රජු සමඟ එන්ට ඈ විසින් ආරාධනාකරනු ලැබීමි.

13. එහෙත් යුදෙව්වා වන මොර්දෙකයි රජවාසල ඉඳගන ඉන්නවා මට පෙනෙනකල් මේ සියල්ල මට මොකටදැයි කීවේය.

14. එකල ඔහුගේ භාර්යාවවූ සෙරෙෂ්ද ඔහුගේ සියලු මිත්‍රයෝද ඔහුට කථාකොට: පනස් රියනක් උස ඇති එල්ලුම් ගහක් සාදවා, මොර්දෙකයි ඒකේ එල්ලා දමන පිණිස හෙට උදේ රජුට කථාකර, ඉන්පසු රජු සමඟ මංගල්‍යයට ප්‍රීතියෙන් පැමිණෙන්නැයි කීවෝය. ඒ කීමට හාමාන් ප්‍රසන්නව එල්ලුම් ගහ සෑදෙවුවේය.

About එස්තර් Chapter 5

Read එස්තර් Chapter 5 online from the Holy Bible. This chapter is part of the Book of එස්තර් in the Old Testament. Continue reading with the chapter navigation above or explore the complete book.

Book Information

Book: එස්තර්
Chapter: 5
Testament: Old Testament

How to Read this Chapter

Use the Previous and Next Chapter buttons to continue reading එස්තර්. You can also adjust the font size for comfortable reading and browse other books of the Bible using the navigation links.

https://www.youtube.com/watch?v=rzsT_Q3KLzE

More Resources

Continue Reading the Bible

Continue reading එස්තර් Chapter 5 and explore every book, chapter and verse of the Holy Bible. Use the navigation links above and below to move through the Scriptures with ease.

Frequently Asked Questions

What is එස්තර් Chapter 5?

එස්තර් Chapter 5 is part of the Book of එස්තර් in the Holy Bible.

Can I read this chapter online?

Yes. You can read the complete එස්තර් Chapter 5 online for free with easy chapter navigation.

More Chapters from එස්තර්

  1. එස්තර් Chapter 6
  2. එස්තර් Chapter 9
  3. එස්තර් Chapter 8
  4. එස්තර් Chapter 3
  5. එස්තර් Chapter 7
  6. එස්තර් Chapter 4
  7. එස්තර් Chapter 1

Explore More from පැරණි ගිවිසුම

  1. 2 ලේකම් Chapter 26
  2. එස්රා Chapter 7
  3. ගීතාවලිය Chapter 77
  4. 2 සාමුවෙල් Chapter 5
  5. නෙහෙමියා Chapter 12
  6. හිතෝපදේශ Chapter 17
  7. ගීතාවලිය Chapter 92

Related Chapters & Readings

  1. මලාකි Chapter 1
  2. හිතෝපදේශ Chapter 20
  3. ගීතාවලිය Chapter 125
  4. ශු. මාර්ක් Chapter 3
  5. ශු. යොහන් Chapter 19
  6. 1 රාජාවලිය Chapter 22
  7. ගණන් කථාව Chapter 15
Share Your Love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *