ඔබදියා Chapter 1

For English

Read ඔබදියා Chapter 1 Online

Read ඔබදියා Chapter 1 online from the Holy Bible. This chapter is part of the Book of ඔබදියා in the Old Testament. Browse every verse with easy chapter navigation, continue to the next chapter, or explore the complete Book of ඔබදියා and the Holy Bible online.

Choose a Chapter

1

ඔබදියා 1

පරිච්ඡේදය 1

1. ඔබදියාගේ දර්ශනයය.

2. බලව, මම නුඹ ජාතීන් අතරෙහි කුඩාකෙළෙමි. නුඹ ඉතා සුළුකොට සලකනු ලබයි.

3. පර්වත විවරවල වසන්නාවූ, උස්වූ වාසස්ථානයක් ඇත්තාවූ, මා බිම හෙළන්නේ කවුදැයි තමාගේ සිතින් සිතාගන්නාවූ නුඹ නුඹේ සිතේ උඩඟු කමට රැවටුණෙහිය.

4. නුඹ රාජාලියාමෙන් නුඹේ කූඩුව ඉහළින් සාදා තාරකා අතරෙහි තැබුවත්, එතනින් නුඹ පහළට හෙළන්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක.

5. අහෝ නුඹ සිඳිනු ලැබූ හැටි! සොරුවත් රාත්‍රියේ කොල්ලකාරයෝවත් නුඹ ළඟට ආවෝ නම් තමුන්ට සෑහෙන පමණ සොරකම්කර නොගන්නෝද? මිදිඵල නෙළන්නෝ නුඹ ළඟට ආවෝ නම් ඔවුන් ස්වල්පයක්වත් ඉතුරු කරන්නේ නැද්ද?

6. අනේ ඒසව්ගේ දේවල් සොයාගනු ලැබූ හැටි! ඔහුගේ සඟවනලද වස්තු සෝදිසිකරනු ලැබූ හැටි!

7. නුඹේ ගිවිසුමේ සියලු මනුෂ්‍යයෝ සීමාව දක්වා නුඹ පන්නා හැරියෝය. නුඹ සමඟ සමාදානයෙන් සිටි මනුෂ්‍යයෝ නුඹ රවටා පරාජයකළෝය; නුඹේ කෑම කන අයද නුඹ යට මලපතක් තබති. ඔහුට කිසි තේරුමක් නැත.

8. ඒ කාලයේදී මම ඒදොමෙන් ප්‍රඥාවන්තයන්ද ඒසව්ගේ කඳුකරයෙන් ඥානයද නැති නොකරන්නෙම්දැයි ස්වාමීන්වහන්සේ කියනසේක.

9. ඒසව්ගේ කඳු කරයෙන් හැමදෙනාම මරා සිඳදමනු ලබන පිණිස, එම්බා තේමාන්, නුඹේ බලවන්තයෝ කැලඹෙන්නෝය .

10. නුඹේ සහෝදරවූ යාකොබ්ට කළ බලාත්කාරය නිසා නුඹ ලජ්ජාවෙන් වැසෙනවා ඇත, සදාකාලේටම සිඳදමනු ලබනවා ඇත.

11. නුඹ අහකට වී සිටිය දවසේදීද, විදේශීන් ඔහුගේ දේපළ ගෙනගියාවූ, පරදේශීන් ඔහුගේ දොරටුවට ඇතුල්වී යෙරුසලම ගැන දාදුදැමුවාවූ දවසේදීද, නුඹත් ඔවුන්ගෙන් එක්කෙනෙක් මෙන් වූවෙහිය.

12. නුඹේ සහෝදරයාගේ දවස වන ඔහුගේ විපත්ති දවස නොබලන්න, යූදා පුත්‍රයන්ගේ විනාශවීමේ දවසේදී ඔවුන් ගැන ප්‍රීති නොවන්න; ඔවුන්ගේ විපත්ති දවසේදී උඩඟුකමෙන් කථා නොකරන්න.

13. මාගේ සෙනඟගේ නාස්තිවීමේ දවසේදී ඔවුන්ගේ දොරටුවලට ඇතුල් නොවන්න; එසේය, ඔවුන්ගේ නාස්තිවීමේ දවසේදී ඔවුන්ගේ විපත්තිය නොබලන්න, ඔවුන්ගේ නාස්තිවීමේ දවසේදී ඔවුන්ගේ සම්පත්වලට අත නොපොවන්න.

14. ඔවුන්ගෙන් පලායන්නන් සිඳදමන්ට මංසන්ධියෙහි නොසිටින්න; විපත්ති දවසේදී ඔවුන්ගෙන් ඉතිරිවුණ අය පාවා නොදෙන්න.

15. මක්නිසාද සියලු ජාතීන්ට විරුද්ධව තිබෙන ස්වාමීන්වහන්සේගේ දවස ළංව තිබේ. නුඹ කළ හැටියටම නුඹට කරනවා ඇත; නුඹේ ක්‍රියාව නුඹේම හිස පිටට හැරී එනවා ඇත.

16. එසේය, මාගේ ශුද්ධවූ කන්දෙහි සිටින නුඹලා බීවාක් මෙන් සියලු ජාතීන් නිතරම බොනවා ඇත, එසේය, ඔවුන් බී, ගිලගන, ඔවුන් නොසිටියාක්මෙන් වෙනවා ඇත.

17. නුමුත් සියොන් කන්දෙහි සමහරෙක් මිදී සිටිනවා ඇත, එයද ශුද්ධව තිබෙන්නේය; යාකොබ්ගේ වංශය තමුන්ගේ උරුමවල් උරුමකරගන්නවා ඇත.

18. තවද යාකොබ්ගේ වංශය ගින්නක්ද යෝසෙප්ගේ වංශය ගිනිදැල්ලක්ද ඒසව්ගේ වංශය ඉපනැලිද වන්නේය. එසේ ඔවුන් ඒසව්ගේ වංශයෙන් කිසිවෙකු ඉතුරු නොවන හැටියට ඔවුන් පත්තුකර දවා දමනවා ඇත; මක්නිසාද ස්වාමීන්වහන්සේ ඒක කීසේක.

19. තවද දකුණු දිශාවේ අය ඒසව්ගේ කඳුකරයත් පාත රටේ අය පිලිස්තිවරුන්ගේ රටත් හිමිකරගන්නවා ඇත. ඔවුන් ඒප්‍රායිම් කෙත් හා සමාරියේ කෙත්ද බෙන්යමින්වරුන් ගිලියද්ද හිමිකරගන්නවා ඇත.

20. කානාන්වරුන් අතරේ වහල්වී සිටින ඉශ්‍රායෙල් පුත්‍රයන්ගෙන් මේ සමුදාව ශාරෙපත් දක්වාම හිමිකරගන්නෝය; සෙපාරද්හි වහල්වී සිටින යෙරුසලමේ අය දකුණු දිශාවේ නුවරවල්ද හිමිකරගන්නෝය.

21. තවද ඒසව්ගේ කඳුකරය විනිශ්චයකරන්ට ගැළවුම්කාරයෝ සියොන් කන්දෙහි නැගිටින්නෝය; රාජ්‍යයද ස්වාමීන්වහන්සේගේ වන්නේය.

About ඔබදියා Chapter 1

Read ඔබදියා Chapter 1 online from the Holy Bible. This chapter is part of the Book of ඔබදියා in the Old Testament. Continue reading with the chapter navigation above or explore the complete book.

Book Information

Book: ඔබදියා
Chapter: 1
Testament: Old Testament

How to Read this Chapter

Use the Previous and Next Chapter buttons to continue reading ඔබදියා. You can also adjust the font size for comfortable reading and browse other books of the Bible using the navigation links.

https://www.youtube.com/watch?v=rzsT_Q3KLzE

More Resources

Continue Reading the Bible

Continue reading ඔබදියා Chapter 1 and explore every book, chapter and verse of the Holy Bible. Use the navigation links above and below to move through the Scriptures with ease.

Frequently Asked Questions

What is ඔබදියා Chapter 1?

ඔබදියා Chapter 1 is part of the Book of ඔබදියා in the Holy Bible.

Can I read this chapter online?

Yes. You can read the complete ඔබදියා Chapter 1 online for free with easy chapter navigation.

More Chapters from ඔබදියා

Explore More from පැරණි ගිවිසුම

  1. ගීතාවලිය Chapter 77
  2. ගණන් කථාව Chapter 30
  3. ගණන් කථාව Chapter 34
  4. 1 රාජාවලිය Chapter 19
  5. උත්පත්ති Chapter 20
  6. යෙරෙමියා Chapter 39
  7. උත්පත්ති Chapter 35

Related Chapters & Readings

  1. ශෙපනියා Chapter 2
  2. යෝනා Chapter 4
  3. යෙසායා Chapter 44
  4. යෙසායා Chapter 16
  5. එසකියෙල් Chapter 33
  6. ද්වීතීය කථාව Chapter 18
  7. ගණන් කථාව Chapter 33
Share Your Love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *