Read හොෂෙයා Chapter 12 Online
Read හොෂෙයා Chapter 12 online from the Holy Bible. This chapter is part of the Book of හොෂෙයා in the Old Testament. Browse every verse with easy chapter navigation, continue to the next chapter, or explore the complete Book of හොෂෙයා and the Holy Bible online.
Choose a Chapter
හොෂෙයා 12
පරිච්ඡේදය 12
1. එප්‍රායිම් සුළං කන්නේය, පෙරදිග සුළං පස්සේද එළවාගන යන්නේය. ඔහු බොරු සහ බලාත්කාරකම නිරතුරුම වැඩිකරන්නේය; ඔව්හු අෂූර් සමඟ ගිවිසුමක් කරති, මිසරයට තෙල් ගෙනයති.
2. ඒ නිසා යූදාට විරුද්ධව ස්වාමීන්වහන්සේට පැමිණිල්ලක් ඇත්තේය, උන්වහන්සේ යාකොබ්ට ඔහුගේ මාර්ගවල හැටියට දඬුවම්කරනසේක; ඔහුගේ ක්‍රියාවල හැටියට ඔහුට විපාකදෙනසේක.
3. ගර්භයේදී ඔහු තමාගේ සහෝදරයාගේ විලුඹ අල්වාගත්තේය; පුරුෂ වයසේදී ඔහු දෙවියන්වහන්සේ වෙත බලපෑවේය.
4. එසේය, ඔහු දේවදූතයා කෙරෙහි බලපාමින් ජයගත්තේය. ඔහු අඬා උන්වහන්සේට කන්නලව්කෙළේය. බෙතෙල්හිදී උන්වහන්සේ ඔහුට සම්බවිය.
5. එහිදී උන්වහන්සේ එනම්, යෙහෝවා යන ස්මෘති නාමය ඇති සේනාවල දෙවිවූ ස්වාමීන්වහන්සේය, අප සමඟ කථාකළසේක.
6. එබැවින් නුඹ නුඹේ දෙවියන්වහන්සේ වෙතට හැරී, කරුණාවද විනිශ්චයද පවත්වා, නුඹේ දෙවියන්වහන්සේ ගැන නිතරම බලාසිටින්න.
7. වෙළෙන්දෙක් වන ඔහුගේ අතේ හොර තරාදි තිබේ. ඔහු ප්‍රයෝගකරන්ට කැමැතිය.
8. නුමුත් එප්‍රායිම් කථාකොට: සැබවින් මම පොහොසත්වී සිටිමි, සම්පත් ලබාගන සිටිමි. මාගේ සියලු වැඩ අතරේ පාපයවූ අයුතුකමක් මට තිබෙන බව ඔවුන්ට සම්බ නොවන්නේයයි කීය.
9. එහෙත් මිසර දේශයේ පටන් මම නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේය; මංගල්‍ය දවස්වලදී මෙන් මත්තටත් නුඹ කූඩාරම්වල වාසයකරවන්නෙමි.
10. ඇරත් මම ප්‍රොපේතවරුන්ට කථාකොට, මමම බොහෝ දර්ශන පෙන්වා, ප්‍රොපේතවරුන් කරණකොටගෙන උපමා භාවිතාකෙළෙමි.
11. ගිලියද් අයුතුකමද? ඔව්හු සහමුලින්ම නිෂ්ඵලකමය; ඔව්හු ගිල්ගල්හිදී ගොනුන් පූජාකරති. එසේය, ඔවුන්ගේ පූජාසනද කෙතේ හීවිටි පිට තිබෙන ගල්ගොඩවල් මෙන්ය.
12. යාකොබ් අරාම් රටට පලාගියේය, ඉශ්‍රායෙල්ද භාර්යාවක් සඳහා වැඩකර, භාර්යාවක් සඳහා බැටළුවන් බලාගත්තේය.
13. ප්‍රොපේතවරයෙකු ලවා ස්වාමීන්වහන්සේ ඉශ්‍රායෙල් මිසරයෙන් ගෙන්වූසේක, ප්‍රොපේතවරයෙකු ලවා ඔව්හු ආරක්ෂාකරනු ලැබුවෝය.
14. එප්‍රායිම් විසින් තද ලෙසම කෝප උපදවා තිබේ. එබැවින් ඔහුගේ ස්වාමීන්වහන්සේ ඔහුගේ ලේ ඔහු පිටට පැමිණෙන්ට ඉඩ ඇර, ඔහුගේ නින්දිතකම ඔහු පිටට පමුණුවනවා ඇත.
About හොෂෙයා Chapter 12
Read හොෂෙයා Chapter 12 online from the Holy Bible. This chapter is part of the Book of හොෂෙයා in the Old Testament. Continue reading with the chapter navigation above or explore the complete book.
Book Information
Book: හොෂෙයා
Chapter: 12
Testament: Old Testament
How to Read this Chapter
Use the Previous and Next Chapter buttons to continue reading හොෂෙයා. You can also adjust the font size for comfortable reading and browse other books of the Bible using the navigation links.
More Resources
Continue Reading the Bible
Continue reading හොෂෙයා Chapter 12 and explore every book, chapter and verse of the Holy Bible. Use the navigation links above and below to move through the Scriptures with ease.
Frequently Asked Questions
What is හොෂෙයා Chapter 12?
හොෂෙයා Chapter 12 is part of the Book of හොෂෙයා in the Holy Bible.
Can I read this chapter online?
Yes. You can read the complete හොෂෙයා Chapter 12 online for free with easy chapter navigation.
More Chapters from පැරණි ගිවිසුම
- නික්මයාම Chapter 1
- නික්මයාම Chapter 30
- නික්මයාම Chapter 26
- නික්මයාම Chapter 12
- නික්මයාම Chapter 9
- නික්මයාම Chapter 2
- නික්මයාම Chapter 21
Explore More from හොෂෙයා
- හොෂෙයා Chapter 14
- හොෂෙයා Chapter 2
- හොෂෙයා Chapter 10
- හොෂෙයා Chapter 9
- හොෂෙයා Chapter 11
- හොෂෙයා Chapter 1
- හොෂෙයා Chapter 6