Read සාලමොන්ගේ ගීතිකා Chapter 2 Online
Read සාලමොන්ගේ ගීතිකා Chapter 2 online from the Holy Bible. This chapter is part of the Book of සාලමොන්ගේ ගීතිකා in the Old Testament. Browse every verse with easy chapter navigation, continue to the next chapter, or explore the complete Book of සාලමොන්ගේ ගීතිකා and the Holy Bible online.
Choose a Chapter
සාලමොන්ගේ ගීතිකා 2
පරිච්ඡේදය 2
1. මම ෂාරොන්හි සෙව්වන්දි මලක්ය, මිටියාවත්වල මහනෙල් මලක්ය.
2. කටුගස් අතරේ මහනෙල් මලක් යම්සේද, දූවරුන් අතරේ මාගේ සොඳුරත් එසේය.
3. වනයේ ගස් අතරේ ජම්බු ගස යම්සේද, පුත්‍රයන් අතරේ මාගේ ප්‍රේමවන්තයාත් එසේය. මම ඔහුගේ සෙවණෙහි ප්‍රීතියෙන් හිඳගතිමි, ඔහුගේ ඵලද මාගේ කටට මිහිරි විය.
4. ඔහු මිදිපැන් ගෙයට මා ගෙනායේය, මට උඩින් ඔහුගේ කොඩිය ප්‍රේමයය.
5. වියළි මිදිපලවලින් මා ශක්තිමත්කර, ජම්බුවලින් මා ප්‍රාණවත්කරන්න. මක්නිසාද මම ප්‍රේමාතුරව සිටිමි.
6. ඔහුගේ වමත මාගේ හිස යටය, දකුණතද මා වැළඳගනියි.
7. යෙරුසලමේ දූවරුනි, ප්‍රේමය කැමැතිවන තුරු එය නොනැගුටුවන ලෙසත් නුපුබුදුවන ලෙසත් මුවදෙනුන් සහ වනයේ ඕලුදෙනුන් නමින් නුඹලා දිවුරවමි.
8. අන්න, මාගේ ප්‍රේමවන්තයාගේ හඬ! බලව, ඔහු කඳුවල පනිමින්ද හෙල්වල පැන නගිමින්ද එන්නේය.
9. මාගේ ප්‍රේමවන්තයා මුවෙකු නොහොත් මුවපැටවෙකු මෙන්ය. අන්න, ඔහු අපේ තාප්පයට පිටතින් සිට, කවුළුවලින් බලයි, ගරාදි අතුරෙන් එබීබලයි.
10. මාගේ ප්‍රේමවන්තයා කථාකර මට කියන්නේ: මාගේ සොඳුර, ශෝභන තැනැත්තිය, නැගිට එන්න.
11. මක්නිසාද ශීත කාලය පසුවිය, වැස්ස නැවතුණේය;
12. පොළොව පිට මල් පෙනෙයි; කුරුල්ලන් නාදකරන කාලය පැමිණියේය, කොබෙයියාගේ හඬ අපේ දේශයෙහි ඇසෙයි;
13. දිඹුල් ගසේ අමු ගෙඩි ඉදීගන එයි, මිදිවැල්වල මල් පිපී, සුවඳ හමයි. මාගේ සොඳුර, මාගේ ශෝභන තැනැත්තිය, නැගිට එන්න.
14. පර්වත විවරවලද උස් කඳුවල රහස් තැන්හිද සිටින මාගේ පරෙවිදෙන, නුඹේ මුහුණ මට දකින්ටත් නුඹේ හඬ අසන්ටත් දෙන්න; මක්නිසාද නුඹේ හඬ මිහිරිය, නුඹේ මුහුණ ශෝභනයයි කීවේය.
15. මිදිවැල් නරක්කරන සිවලුන් එනම් කුඩා සිවලුන් අල්ලාදෙන්න; මක්නිසාද අපේ මිදිවැල්වල මල් පිපී තිබේ.
16. මාගේ ප්‍රේමවන්තයා මාගේය, මම ඔහුගේය. ඔහු මහනෙල් අතරේ රැළ කවයි.
17. මාගේ ප්‍රේමවන්තය, දහවල් සිසිල්වී සෙවණැලි පහවන තුරු, බෙතෙර් කඳු පිට යන මුවෙක් නොහොත් මුව පැටියෙක්මෙන් හැරී එන්න.
About සාලමොන්ගේ ගීතිකා Chapter 2
Read සාලමොන්ගේ ගීතිකා Chapter 2 online from the Holy Bible. This chapter is part of the Book of සාලමොන්ගේ ගීතිකා in the Old Testament. Continue reading with the chapter navigation above or explore the complete book.
Book Information
Book: සාලමොන්ගේ ගීතිකා
Chapter: 2
Testament: Old Testament
How to Read this Chapter
Use the Previous and Next Chapter buttons to continue reading සාලමොන්ගේ ගීතිකා. You can also adjust the font size for comfortable reading and browse other books of the Bible using the navigation links.
More Resources
Continue Reading the Bible
Continue reading සාලමොන්ගේ ගීතිකා Chapter 2 and explore every book, chapter and verse of the Holy Bible. Use the navigation links above and below to move through the Scriptures with ease.
Frequently Asked Questions
What is සාලමොන්ගේ ගීතිකා Chapter 2?
සාලමොන්ගේ ගීතිකා Chapter 2 is part of the Book of සාලමොන්ගේ ගීතිකා in the Holy Bible.
Can I read this chapter online?
Yes. You can read the complete සාලමොන්ගේ ගීතිකා Chapter 2 online for free with easy chapter navigation.
More Chapters from පැරණි ගිවිසුම
- නික්මයාම Chapter 1
- නික්මයාම Chapter 12
- නික්මයාම Chapter 30
- නික්මයාම Chapter 26
- නික්මයාම Chapter 9
- නික්මයාම Chapter 2
- නික්මයාම Chapter 25
Explore More from සාලමොන්ගේ-ගීතිකා
- සාලමොන්ගේ ගීතිකා Chapter 1
- සාලමොන්ගේ ගීතිකා Chapter 7
- සාලමොන්ගේ ගීතිකා Chapter 6
- සාලමොන්ගේ ගීතිකා Chapter 8
- සාලමොන්ගේ ගීතිකා Chapter 3
- සාලමොන්ගේ ගීතිකා Chapter 5
- සාලමොන්ගේ ගීතිකා Chapter 4