එපීස Chapter 4

For English

Read එපීස Chapter 4 Online

Read එපීස Chapter 4 online from the Holy Bible. This chapter is part of the Book of එපීස in the New Testament. Browse every verse with easy chapter navigation, continue to the next chapter, or explore the complete Book of එපීස and the Holy Bible online.

Choose a Chapter

එපීස 4

පරිච්ඡේදය 4

1. එබැවින් නුඹලා කැඳවනු ලැබූ කැඳවීමට ඔබිනලෙස,

2. සියලු ආකාර යටහත්කමින්ද මොළොක් ගුණයෙන්ද ඉවසිලිවන්තකමෙන්ද හැසිර, එකිනෙකා ගැන ප්‍රේමයෙන් ඉවසා,

3. සමාදානයේ බැම්මෙන් ආත්මයාණන්ගේ එකමුතුකම පවත්වාගන්ට උත්සාහ කරන මෙන්, ස්වාමීන්වහන්සේ නිසා හිරකාරයෙක්ව සිටින මම නුඹලාගෙන් ඉල්ලමි.

4. නුඹලාගේ කැඳවීමේ එක බලාපොරොත්තුවට නුඹලා කැඳවනු ලැබූ ලෙසම, ඇත්තේ එක ශරීරයත්,

5. එක ආත්මයාණන්වහන්සෙත්, එක ස්වාමීන්වහන්සෙත්, එක ඇදහිල්ලත්, එක බව්තීස්මයත්,

6. සියල්ලන් කෙරෙහිද සියල්ලන් කරණකොටගෙනද සියල්ලන් තුළද පවතින්නාවූ, සියල්ලන්ට එකම පියවූ දෙවියන්වහන්සෙත්ය.

7. නුමුත් අපෙන් එක් එක්කෙනාට ක්‍රිස්තුස්වහන්සේගේ දීමනාවේ ප්‍රමාණයේ හැටියට අනුග්‍රහය දෙනලද්දේය.

8. එහෙයින් උන්වහන්සේ කථාකොට: උන්වහන්සේ උස්තැනට නැගුණු කල්හි වහල්කමට ගත්තවුන් වහල්කොට ගෙනගොස්, මනුෂ්‍යයන්ට තෑගි දුන්සේකැයි කියනසේක.

9. (ඉතින්: නැගුටුණුසේකැයි කී බැවින් උන්වහන්සේ පොළොවේ පහත් තැන්වලට බැස්ස බවක් මිස වෙන කුමක් හැඟේද?

10. බැස්සාවූ උන්වහන්සේ නම් සියල්ල පූර්ණකරන පිණිස සියලු ස්වර්ගවලින් ඉහළට නැගුණවූ තැනන්වහන්සේමය.)

11. උන්වහන්සේ සමහරුන් ප්‍රේරිතයන්ද සමහරුන් අනාගතවක්තෘවරුන්ද සමහරුන් ශුභාරංචිය ප්‍රකාශකරන්නන්ද සමහරුන් සභාපාලකයන්ද සමහරුන් ගුරුවරුන්ද කොට දුන්සේක.

12. එසේ දුන්නේ ඇදහිමේද දෙවියන්වහන්සේගේ පුත්‍රයා දැනගැනීමේද එකමුතුකමටත්, සම්පූර්ණ පුරුෂකමටත්, ක්‍රිස්තුස්වහන්සේගේ සම්පූර්ණවූ උස මහතේ ප්‍රමාණයටත් අප සියල්ලන් පැමිණෙන තෙක්,

13. ශුද්ධවන්තයන්ගේ සම්පූර්ණවීම සඳහා සේවයකිරීමේ වැඩය පිණිසත් ක්‍රිස්තුස්වහන්සේගේ ශරීරයේ වර්ධනයවීම පිණිසත්ය.

14. තවද අපි තවත් මනුෂ්‍යයන්ගේ වංචාවෙන්ද ප්‍රයෝගයෙන්ද රැවටිලි සහිත උපායෙන්ද හටගන්න සියලු ආකාර ඉගැන්වීම් නමැති සුළඟින් ඈත මෑත විසිවෙමින් ගෙනයනු ලබන්නාවූ බාලයන් නොවන පිණිසත්,

15. ප්‍රේමයෙන් යුක්තව ඇත්ත කථාකරමින්, හිසව සිටින ක්‍රිස්තුස්වහන්සේ උදෙසා සියලු දේවලදී වැඩෙන පිණිසත්ය.

16. උන්වහන්සේගෙන් මුළු ශරීරය එකට සන්ධිකරනු ලැබ සවිවී, එක එක කොට්ඨාසයේ ප්‍රමාණයේ ක්‍රියාකිරීමේ හැටියට සහකාරවූ එක එක සන්ධිය කරණකොටගෙන ප්‍රේමයෙන් වර්ධනයවන ලෙස ශරීරය වැඩෙන්නේය.

17. එබැවින් අන්‍යජාතීන් තමුන්ගේ සිත්වල නිෂ්ඵලකමින් හැසිරෙන්නාක්මෙන්, නුඹලා තවත් නොහැසිරෙන්නැයි ස්වාමීන්වහන්සේ තුළ සාක්ෂිදෙමින් කියමි.

18. ඔව්හු තමුන්ගේ තේරුම්ගැනීමෙන් අඳුරුව, තමුන් තුළ ඇත්තාවූ අඥානකම නිසාද තමුන්ගේ සිත් දැඩිවීම නිසාද දෙවියන්වහන්සේ කෙරෙන් වූ ජීවනයට විදේශීව සිටිති.

19. ඔව්හු හැඟීමක් නැතුව සියලු අපවිත්‍රකම් ගිජුලෙස කරන පිණිස සල්ලාලකමට භාරවුණෝය.

20. නුමුත් නුඹලා ක්‍රිස්තුස්වහන්සේව එසේ ඉගෙනගත්තේ නැත;

21. එනම්, සැබෑව යේසුස්වහන්සේ තුළ තිබෙන ප්‍රකාර නුඹලා උන්වහන්සේගෙන්ම අසා, උන්වහන්සේ තුළ උගන්වනු ලැබුවහුය.

22. [එසේ ඉගෙනගත්තේ] නුඹලාගේ ජීවිතයේ පළමු හැසිරීම ලෙස රුවටිල්ලේ තෘෂ්ණාවල් අනුව දූෂ්‍යවන්නාවූ පරණ මනුෂ්‍යයා පහකරදමා,

23. නුඹලා නුඹලාගේ චිත්තාත්මයෙන් අලුත්කරනු ලැබ,

24. සැබෑවේ ධර්මිෂ්ඨකමින්ද ශුද්ධකමින්ද දෙවියන්වහන්සේට සමානව මවනලද්දාවූ අලුත් මනුෂ්‍යයා පැළඳගන්නා ලෙසය.

25. එහෙයින් බොරුකීම අත්හැරදමා, එක් එක්කෙනා තම තමාගේ අසල්වාසියා සමඟ සැබෑව කථාකරන්න. මක්නිසාද අපි එකිනෙකාගේ අවයවයෝය.

26. කෝපවුණත් පව් නොකරන්න. ඉර බසින තුරු නුඹලාගේ කෝපය පවතින්ට ඉඩ නාරින්න.

27. යක්ෂයාට ඉඩ නොදෙන්න.

28. සොරකම්කළාවූ අය තවත් සොරකම් නොකෙරේවා. ඒ වෙනුවට, හිඟ අයට දෙන්ට පුළුවන්වන පිණිස, තමාගේ අත්වලින් යහපත් වැඩක් කරමින් වීර්යකෙරේවා.

29. නුඹලාගේ මුඛයෙන් කිසි දූෂ්‍ය කථාවක් නික්මෙන්ට ඉඩ නෑර, අසන්නන්ට ප්‍රයෝජන ලැබෙන පිණිස ඕනෑකරන වර්ධනවීම සඳහා යහපත් දේම කියන්න.

30. දෙවියන්වහන්සේගේ ශුද්ධාත්මයාණන්වහන්සේට දුක් නොදෙන්න; මක්නිසාද උන්වහන්සේ තුළ නුඹලා මිදීමේ දවසට මුද්‍රාකරනු ලැබුවහුය.

31. සියලු තික්තකමත් කෝපයත් උදහසත් කෝලාහලත් අපහාසත් සියලු ක්‍රෝධත් නුඹලා කෙරෙන් පහකරනු ලැබේවා.

32. නුඹලා එකිනෙකා කෙරෙහි ගුණවන්තව අනුකම්පා ඇතුව සිට, ක්‍රිස්තුස්වහන්සේ තුළ දෙවියන්වහන්සේ නුඹලාට කමාවුණ ලෙසම නුඹලාත් එකිනෙකාට කමාවෙන්න.

About එපීස Chapter 4

Read එපීස Chapter 4 online from the Holy Bible. This chapter is part of the Book of එපීස in the New Testament. Continue reading with the chapter navigation above or explore the complete book.

Book Information

Book: එපීස
Chapter: 4
Testament: New Testament

How to Read this Chapter

Use the Previous and Next Chapter buttons to continue reading එපීස. You can also adjust the font size for comfortable reading and browse other books of the Bible using the navigation links.

https://www.youtube.com/watch?v=rzsT_Q3KLzE

More Resources

Continue Reading the Bible

Continue reading එපීස Chapter 4 and explore every book, chapter and verse of the Holy Bible. Use the navigation links above and below to move through the Scriptures with ease.

Frequently Asked Questions

What is එපීස Chapter 4?

එපීස Chapter 4 is part of the Book of එපීස in the Holy Bible.

Can I read this chapter online?

Yes. You can read the complete එපීස Chapter 4 online for free with easy chapter navigation.

More Chapters from එපීස

  1. එපීස Chapter 1
  2. එපීස Chapter 3
  3. එපීස Chapter 2
  4. එපීස Chapter 5
  5. එපීස Chapter 6

Explore More from නව ගිවිසුම

  1. 1 පේතෘස් Chapter 2
  2. ශු. මතෙව් Chapter 3
  3. ශු. යොහන් Chapter 21
  4. ශු. ලූක් Chapter 3
  5. ශු. යොහන් Chapter 10
  6. හෙබ්රෙනව් Chapter 4
  7. 2 කොරින්ති Chapter 11

Related Chapters & Readings

  1. ගීතාවලිය Chapter 53
  2. එසකියෙල් Chapter 33
  3. එළිදරව් Chapter 15
  4. පිලෙමොන් Chapter 1
  5. ගණන් කථාව Chapter 5
  6. ආමොස් Chapter 9
  7. යූදස් (යූද්) Chapter 1
Share Your Love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *