එපීස Chapter 1

For English

Read එපීස Chapter 1 Online

Read එපීස Chapter 1 online from the Holy Bible. This chapter is part of the Book of එපීස in the New Testament. Browse every verse with easy chapter navigation, continue to the next chapter, or explore the complete Book of එපීස and the Holy Bible online.

Choose a Chapter

එපීස 1

පරිච්ඡේදය 1

1. දෙවියන්වහන්සේගේ කැමැත්ත කරණකොටගෙන ක්‍රිස්තුස් යේසුස්වහන්සේගේ ප්‍රේරිතයෙක්ව සිටින පාවුල්, එපීසයෙහි සිටින ශුද්ධවන්තයන්ව, ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ ඇදහිලිවන්තයන්ව සිටින්නන්ට ලියා එවන වග නම්:

2. අපගේ පියවූ දෙවියන්වහන්සේගෙන්ද ස්වාමීවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගෙන්ද කරුණාවත් සමාදානයත් නුඹලාට වේවා. මිදීමේ සදාකාල අදහස ගැන ස්තුතිදීම.

3. අපගේ ස්වාමීවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පියවූ දෙවියන්වහන්සේට ප්‍රශංසාවේවා. මක්නිසාද උන්වහන්සේ ඉදිරිපිට ප්‍රේමයෙන් ශුද්ධව, නොකැලැල්ව සිටින පිණිස,

4. ලෝකය මැවීමට ප්‍රථමයෙන් ක්‍රිස්තුස්වහන්සේ තුළ අප තෝරාගත් ලෙසම, උන්වහන්සේ තුළ ස්වර්ගීය ස්ථානවල සියලු ආත්මික ආශීර්වාදවලින් උන්වහන්සේ අපට ආශීර්වාද කළසේක.

5. උන්වහන්සේ විසින් ප්‍රේමවන්තයාණන්වහන්සේ තුළ අපට නොමිලයේ දුන්නාවූ තමන්වහන්සේගේ කරුණාවේ මහිමයේ ප්‍රශංසාව සඳහා,

6. තමන්වහන්සේගේ කැමැත්තේ ප්‍රසන්නකමේ හැටියට යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කරණකොටගෙන පුත්‍රයන් වීමට අප පෙර නිමයකළසේක.

7. ඒ ප්‍රේමවන්තයාණන්වහන්සේ තුළ, උන්වහන්සේගේ කරුණාවේ සම්පතේ ප්‍රකාරයට, උන්වහන්සේගේ ලේ කරණකොටගෙන අපේ මිදීම වන අපේ වරදවලට කමාව අපට ඇත්තේය.

8. ඒ කරුණාව සියලු ප්‍රඥාව හා නුවණැතිකමින් අප කෙරෙහි බොහෝවන්ට සැලැස්සූසේක.

9. එසේ කළේ කාලවල සම්පූර්ණකමේ නියමය ලෙස ස්වර්ගයෙහි දේවල්ද පොළොවෙහි දේවල්ද යන සියල්ල ක්‍රිස්තුස්වහන්සේ තුළ එක්රාශිකරන්ට,

10. තමන්වහන්සේ තුළ අදහස්කළ තමන්ගේ ප්‍රසන්නකමේ හැටියට තමන්ගේ කැමැත්තේ රහස අපට දන්වාදීමෙන්ය.

11. එසේය, තමන්ගේ කැමැත්තේ මන්ත්‍රණය හැටියට සියල්ල සිද්ධකරන්නාවූ තැනැන්වහන්සේගේ නියමයේ ප්‍රකාරයට, අපි පෙර නියමකරනු ලැබ ක්‍රිස්තුස්වහන්සේ තුළ උරුමයක්වී සිටිමුව.

12. එසේ වුණේ ක්‍රිස්තුස්වහන්සේ තුළ පළමුවෙන් බලාපොරොත්තුවුණාවූ අප උන්වහන්සේගේ මහිමයේ ප්‍රශංසාව සඳහා සිටින පිණිසය.

13. උන්වහන්සේ තුළ නුඹලාත් නුඹලාගේ ගැළවීමේ ශුභාරංචිය වන සැබෑවේ වචනය අසා, උන්වහන්සේ කෙරෙහි අදහාගෙන, උන්වහන්සේගේ මහිමයේ ප්‍රශංසාව සඳහා දෙවියන්වහන්සේට හිමිවූ වස්තුවේ මිදීම පිණිස,

14. අපේ උරුමයේ අත්තිකාරමවූ පොරොන්දුවේ ශුද්ධාත්මයාණන්වහන්සේගෙන් නුඹලා උන්වහන්සේ තුළ මුද්‍රාකරනු ලැබුවහුය.

15. මේ නිසා මමත් ස්වාමීවූ යේසුස්වහන්සේ තුළ නුඹලා අතරේ ඇත්තාවූ, නුඹලා සියලු ශුද්ධවන්තයන්ට දක්වන්නාවූ ඇදහිල්ල ගැන අසා, නුඹලා මාගේ යාච්ඤාවලදී සඳහන්කරමින්,

16. නුඹලා ගැන නොකඩව ස්තුතිකරමි.

17. එසේ කරන්නේ මහිමයේ පියාණන් වන අපගේ ස්වාමීවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ දෙවියන්වහන්සේ, උන්වහන්සේ ගැන දැනගැනීමට ප්‍රඥාවේද එළිදරව්කිරීමේද ආත්මයක් නුඹලාට දෙන ලෙසත්,

18. උන්වහන්සේගේ කැඳවීමේ බලාපොරොත්තුව කිමෙක්ද කියාත්, ශුද්ධවන්තයන් තුළවූ උන්වහන්සේගේ උරුමයේ මහිමයේ සම්පත කිමෙක්ද කියාත්,

19. අදහන්නාවූ අප කෙරෙහි උන්වහන්සේගේ බලයේ මහත්කම කිමෙක්ද කියාත්, නුඹලා දැනගන්න පිණිස නුඹලාගේ සිත් නැමති ඇස් පහදන ලෙසත්ය.

20. උන්වහන්සේ ක්‍රිස්තුස්වහන්සේ තුළ ඉෂ්ටකළාවූ ස්වකීය පරාක්‍රමයේ ශක්තිමත්කමේ ඒ ක්‍රියාකිරීමේ ප්‍රකාරයට ක්‍රිස්තුස්වහන්සේව මළවුන්ගෙන් නැගුටුවා,

21. සියලු අධිපතිකමටත් බලයටත් පරාක්‍රමයටත් ස්වාමිකමටත් මේ ලෝකයෙහි පමණක් නොව පරලෝකයෙහිත් සඳහන්කරනලද සියලු නම්වලටත් වඩා උස්කොට ස්වර්ගීය ස්ථානවල තමන් දකුණු පැත්තෙහි හිඳුවා,

22. සියලු දේවල් උන්වහන්සේගේ පාදවලට යටත්කොට, සභාව උදෙසා සියල්ලට ප්‍රධානියා වෙන්ට උන්වහන්සේ නියම කළසේක.

23. ඒ සභාව නම්, සියල්ලන් තුළ සියල්ල සම්පූර්ණකරන තැනන්වහන්සේගේ පූර්ණකම වන උන්වහන්සේගේ ශරීරයය.

About එපීස Chapter 1

Read එපීස Chapter 1 online from the Holy Bible. This chapter is part of the Book of එපීස in the New Testament. Continue reading with the chapter navigation above or explore the complete book.

Book Information

Book: එපීස
Chapter: 1
Testament: New Testament

How to Read this Chapter

Use the Previous and Next Chapter buttons to continue reading එපීස. You can also adjust the font size for comfortable reading and browse other books of the Bible using the navigation links.

https://www.youtube.com/watch?v=rzsT_Q3KLzE

More Resources

Continue Reading the Bible

Continue reading එපීස Chapter 1 and explore every book, chapter and verse of the Holy Bible. Use the navigation links above and below to move through the Scriptures with ease.

Frequently Asked Questions

What is එපීස Chapter 1?

එපීස Chapter 1 is part of the Book of එපීස in the Holy Bible.

Can I read this chapter online?

Yes. You can read the complete එපීස Chapter 1 online for free with easy chapter navigation.

More Chapters from එපීස

  1. එපීස Chapter 4
  2. එපීස Chapter 3
  3. එපීස Chapter 2
  4. එපීස Chapter 5
  5. එපීස Chapter 6

Explore More from නව ගිවිසුම

  1. 2 තෙසලෝනික Chapter 1
  2. ක්රිරයා Chapter 18
  3. ශු. මතෙව් Chapter 5
  4. ගලාති Chapter 2
  5. කොලොස්සි Chapter 1
  6. ශු. ලූක් Chapter 11
  7. 1 කොරින්ති Chapter 15

Related Chapters & Readings

  1. 2 ලේකම් Chapter 26
  2. යෙසායා Chapter 38
  3. 2 සාමුවෙල් Chapter 7
  4. එස්තර් Chapter 7
  5. 2 සාමුවෙල් Chapter 18
  6. එසකියෙල් Chapter 34
  7. ගීතාවලිය Chapter 29
Share Your Love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *