2 කොරින්ති Chapter 12

For English

Read 2 කොරින්ති Chapter 12 Online

Read 2 කොරින්ති Chapter 12 online from the Holy Bible. This chapter is part of the Book of 2 කොරින්ති in the New Testament. Browse every verse with easy chapter navigation, continue to the next chapter, or explore the complete Book of 2 කොරින්ති and the Holy Bible online.

Choose a Chapter

A+ A A-

2 කොරින්ති 12

පරිච්ඡේදය 12

1. පාරට්ටුකිරීම ප්‍රයෝජන නැති නුමුත් එය මට ඕනෑකෙරේ; නුමුත් ස්වාමීන්වහන්සේගේ දර්ශනයන්ද එළිදරව්කිරීම්ද කියන්නෙමි.

2. ක්‍රිස්තුස්වහන්සේ තුළවූ මනුෂ්‍යයෙක් දනිමි, ඔහු දසසතර අවුරුද්දකට ප්‍රථම තුන්වෙනි ස්වර්ගයට පවා ඇදගන්නාලද්දේය. එසේවුණේ ශරීරයෙන් යුක්තවද ශරීරයෙන් වියුක්තවද කියා නොදනිමි; දෙවියන්වහන්සේ දන්නාසේක.

3. එයාකාර මනුෂ්‍යයෙක් පාරාදීසයට ඇදගනු ලැබ, කියන්ට බැරිවූ, මනුෂ්‍යයෙකු විසින් නොකිය යුතුවූ වචන ඇසූ බව දනිමි.

4. (මෙසේ වුණේ ශරීරයෙන් යුක්තවද ශරීරයෙන් වියුක්තවද නොදනිමි; දෙවියන්වහන්සේ දන්නාසේක).

5. එබඳු තැනැත්තෙකු ගැන පාරට්ටුකරමි. නුමුත් මාගේ දුර්වලකම් ගැන මිස මා ගැනම පාරට්ටු නොකරමි.

6. එහෙත් මම පාරට්ටුකරගන්ට කැමතිවෙතත් අඥානයෙක් නොවන්නෙමි. මක්නිසාද මම ඇත්ත කියන්නෙමි. එසේවී නුමුත් මා කෙරෙහි දකින දේට නොහොත් මාගෙන් අසන දේට වඩා මම උතුමැයි කිසිවෙකු නොසිතන පිණිස එයින් වලකිමි.

7. තවද ඒ එළිදරව්කිරීම්වල අතිශය උතුම්කම කරණකොටගෙන පමණට වඩා උසස් නොවන පිණිස මට පහරදීමට සාතන්ගේ දූතයෙකු වැනිවූ උලක් මාගේ මාංසයෙහි මට දෙනලද්දේය, ඒ පමණට වඩා මා උසස් නොවන පිණිසය.

8. ඒක මා කෙරෙන් පහවන පිණිස ඒ ගැන තුන්වරක් ස්වාමීන්වහන්සේගෙන් ඉල්ලුවෙමි.

9. උන්වහන්සේද: මාගේ කරුණාව නුඹට සෑහේය. මක්නිසාද දුර්වලකමේදී මාගේ බලය සම්පූර්ණවෙන්නේයයි මට කීසේක. එබැවින් ක්‍රිස්තුස්වහන්සේගේ ශක්තිය මා කෙරෙහි පිහිටන පිණිස මාගේ දුර්වලකම් ගැන ඉතා සන්තෝෂයෙන් පාරට්ටුකරන්නෙමි.

10. එහෙයින් ක්‍රිස්තුස්වහන්සේ උදෙසා පැමිණෙන දුර්වලකම්වලටත් අන්තරායවලටත් හිඟකම්වලටත් පීඩාවලටත් විපත්තිවලටත් ප්‍රසන්නව සිටිමි. මක්නිසාද මම දුර්වලව සිටින කලම ශක්තිමත්ව සිටිමි.

11. මම අඥානයෙක් වී සිටිමි. ඊට නුඹලා මා සැලැස්සුවහුය. මා ගැන සාක්ෂිදෙන්ට යුතුව තිබුණේ නුඹලා විසින්ය. මක්නිසාද, මම කිසිත් නොවෙම් නුමුත් ඔය උත්කෘෂ්ට ප්‍රේරිතයන්ට වඩා කොයි ආකාරයකින්වත් අඩු නොවීමි.

12. සැබවින් ලකුණුවලින්ද පුදුමවලින්ද බලවත් ක්‍රියාවලින්ද ප්‍රේරිතයෙකුගේ ලකුණු සියලු ආකාර ඉවසීම ඇතුව නුඹලා අතරෙහි කරනලද්දේය.

13. මා නුඹලාට බරක්ව නොසිටිය කාරණයෙන් මිස වෙන මොන දෙයකින් නුඹලා අනික් සභාවලට අඩුව සිටියහුද? ඒ වරැද්දට මට කමාවෙන්න.

14. මෙන්න, තුන්වෙනි වරට නුඹලා වෙතට එන්ට සූදානම්ව සිටිමි. නුමුත් නුඹලා මිස නුඹලාගේ දේපළ මා නොසොයන නිසා මම නුඹලාට බරක් නොවන්නෙමි. මක්නිසාද රැස්කර තබන්ට යුතුව තිබෙන්නේ දරුවන් විසින් මවුපියන්ට නොව මවුපියන් විසින් දරුවන්ටය.

15. මම ඉතා සන්තෝෂයෙන් නුඹලාගේ ආත්ම ගැන මට ඇති දේ වියදම්කරන්නෙමි, මම්ම වැයවන්නෙමි. මම වැඩියෙන් නුඹලාට ප්‍රේමකරන තරමට අඩුවෙන් ප්‍රේමකරනු ලබම්ද?

16. එසේ වුණාවේ, මම්ම නුඹලාට බරක් නූණෙමි; නුමුත් ප්‍රයෝගකාරයෙක් වූයෙන්, මම වංචාවෙන් නුඹලා අල්ලාගතිමි.

17. මා නුඹලා ළඟට එවූවන්ගෙන් යමෙකු ලවා නුඹලාගෙන් වාසියක් ලබාගතිම්ද?

18. මම තීතස්ට අවවාදකොට, ඔහු සමඟ ඒ සහෝදරයා එවීමි. තීතස් නුඹලාගෙන් යම් වාසියක් ලබාගත්තේද? අප ගමන් කළේ එම ආත්මයාණන්වහන්සේ කරණකොටගෙන නොවේද? එක අඩිපාරේ නොවේද?

19. අපිම නුඹලා ඉදිරියෙහි නිදොස්වන්ට උත්සාහකරමුයයි මෙපමණ කල් නුඹලා සිතන්ට ඇත. අප කථාකරන්නේ දෙවියන්වහන්සේ ඉදිරියෙහි ක්‍රිස්තුස්වහන්සේ තුළය. නුමුත්, ප්‍රේමවන්තයෙනි, මේ සියල්ල නුඹලාගේ වර්ධනයවීම පිණිසය.

20. මක්නිසාද මා ආකල යම් විධියකින් නුඹලා මා කැමති ආකාර නොවන බවත්, මා නුඹලා කැමති ආකාර නොවන බවත් පෙනේදෝ කියාද, යම් විධියකින් විවාද, ඊර්ෂ්‍යා, ක්‍රෝධ, පක්ෂවාදිකම්, කේලාම්, කනට කෙඳිරීම්, උඩඟුකම්, කෝලාහල පවතිනවා ඇද්දෝ කියාද,

21. මා නැවත ආකල මාගේ දෙවියන්වහන්සේ නුඹලා ඉදිරියෙහි මා යටත්කරනසේකැයි කියාද, මේ දක්වා පව්කොට තමුන් කළ අපිරිසිදුකමද වේශ්‍යාකමද සල්ලාලකමද ගැන පසුතැවිලි නුවූ බොහෝදෙනා උදෙසා මට වැලපෙන්ට වේදෝ කියාද භයවෙමි.

About 2 කොරින්ති Chapter 12

Read 2 කොරින්ති Chapter 12 online from the Holy Bible. This chapter is part of the Book of 2 කොරින්ති in the New Testament. Continue reading with the chapter navigation above or explore the complete book.

Book Information

Book: 2 කොරින්ති
Chapter: 12
Testament: New Testament

How to Read this Chapter

Use the Previous and Next Chapter buttons to continue reading 2 කොරින්ති. You can also adjust the font size for comfortable reading and browse other books of the Bible using the navigation links.

https://www.youtube.com/watch?v=rzsT_Q3KLzE

More Resources

Continue Reading the Bible

Continue reading 2 කොරින්ති Chapter 12 and explore every book, chapter and verse of the Holy Bible. Use the navigation links above and below to move through the Scriptures with ease.

Frequently Asked Questions

What is 2 කොරින්ති Chapter 12?

2 කොරින්ති Chapter 12 is part of the Book of 2 කොරින්ති in the Holy Bible.

Can I read this chapter online?

Yes. You can read the complete 2 කොරින්ති Chapter 12 online for free with easy chapter navigation.

More Chapters from 2-කොරින්ති

  1. 2 කොරින්ති Chapter 11
  2. 2 කොරින්ති Chapter 5
  3. 2 කොරින්ති Chapter 7
  4. 2 කොරින්ති Chapter 6
  5. 2 කොරින්ති Chapter 1
  6. 2 කොරින්ති Chapter 9
  7. 2 කොරින්ති Chapter 2

Explore More from නව ගිවිසුම

  1. 1 තිමෝති Chapter 4
  2. 1 කොරින්ති Chapter 7
  3. 2 කොරින්ති Chapter 3
  4. ශු. යොහන් Chapter 4
  5. එළිදරව් Chapter 19
  6. ගලාති Chapter 4
  7. ශු. යොහන් Chapter 10

Related Chapters & Readings

  1. මීකා Chapter 2
  2. ගීතාවලිය Chapter 137
  3. එළිදරව් Chapter 9
  4. ගීතාවලිය Chapter 97
  5. හිතෝපදේශ Chapter 18
  6. උත්පත්ති Chapter 1
  7. 1 යොහන් Chapter 5
Share Your Love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *