Read සෙකරියා Chapter 12 Online
Read සෙකරියා Chapter 12 online from the Holy Bible. This chapter is part of the Book of සෙකරියා in the Old Testament. Browse every verse with easy chapter navigation, continue to the next chapter, or explore the complete Book of සෙකරියා and the Holy Bible online.
Choose a Chapter
සෙකරියා 12
පරිච්ඡේදය 12
1. ඉශ්‍රායෙල් ගැන තිබෙන ස්වාමීන්වහන්සේගේ වචනයේ දිව්‍ය ප්‍රකාශනයය. අහස දිගහරින්නාවූ, පොළොවේ අත්තිවාරම තබන්නාවූ, මනුෂ්‍යයා තුළ ඔහුගේ ආත්මය උපදවන්නාවූ ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක:
2. බලව, අවටින් සිටින සියලුම ජනයන්ට යෙරුසලම වැනීමේ පාත්‍රයක් කරන්නෙමි, යෙරුසලම වටලෑමේදී යූදාට එසේම වන්නේය.
3. ඒ කාලයේදී මම සියලු ජනයන්ට යෙරුසලම බරවූ ගලක් කරන්නෙමි; එය උස්සාගන්න සියල්ලෝ බොහෝසේ තුවාල ලබන්නෝය; පොළොවේ සියලු ජාතීහුද ඊට විරුද්ධව රැස්වන්නෝය.
4. ඒ කාලයෙහි මම සියලු අශ්වයන්ට කුල්මත්කමද අසරුවන්ට උමතුකමද පැමිණවීමෙන් පහරදෙන්නෙමි. නුමුත් යූදා වංශය කෙරේ මාගේ ඇස් අරගන ඉඳ, ජනයන්ගේ සියලු අශ්වයන්ට අන්ධකමෙන් පහරදෙන්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක.
5. යෙරුසලමේ වැසියෝ ඔවුන්ගේ දෙවිවූ සේනාවල ස්වාමීන්වහන්සේ කරණකොටගෙන මාගේ බලය වන්නෝයයි යූදාහි ප්‍රධානීහු තමුන්ගේ සිතින් කියාගන්නෝය.
6. ඒ කාලයෙහි වටකර සිටින සියලුම ජනයන් දකුණෙන්ද වමෙන්ද දාලායන හැටියට යූදාහි ප්‍රධානීන් දර අතරෙහි තිබෙන ගිනි භාජනයක් මෙන්ද ගොයම් මිටියක් තුළ තිබෙන ගිනි පෙනෙල්ලක් මෙන්ද කරන්නෙමි. යෙරුසලමේ වැසියන්ද තමුන්ගේ ස්ථානය වන යෙරුසලමෙහි නැවත වාසයකරනවා ඇත.
7. දාවිත්ගේ වංශයේ මහිමයද යෙරුසලමේ වැසියන්ගේ මහිමයද යූදාට වඩා උසස් නොවෙන පිණිස ස්වාමීන්වහන්සේ පළමුකොට යූදාහි කූඩාරම් ගළවනවා ඇත.
8. ඒ කාලයෙහි ස්වාමීන්වහන්සේ යෙරුසලමේ වැසියන් ආරක්ෂාකරනසේක; ඔවුන් අතරෙහි සිටින දුර්වලයා පවා ඒ කාලයෙහි දාවිත් මෙන් වන්නේය; දාවිත්ගේ වංශයද දෙවියන්වහන්සේ මෙන්, එනම් ඔවුන්ට පෙරටුව යන්නාවූ ස්වාමීන්වහන්සේගේ දූතයා මෙන් වන්නේය.
9. තවද ඒ කාලයේදී යෙරුසලමට විරුද්ධව එන සියලු ජාතීන් විනාශකරන්ට සොයන්නෙමි.
10. දාවිත්ගේ වංශය කෙරෙහිද යෙරුසලමේ වැසියන් කෙරෙහිද කරුණාවේ හා කන්නලව්කිරීමේ ආත්මය වගුරුවන්නෙමි; ඔවුන් තමුන් විසින් ඇන්නාවූ තැනැත්තා වන මා දෙස බලාසිට, එකම පුත්‍රයෙකු ගැන වැලපෙන්නාක් මෙන් උන්වහන්සේ ගැන වැලෙපනවා ඇත, කුලුඳුලා ගැන ශෝකවෙන්නාක් මෙන් උන්වහන්සේ ගැන ශෝකවෙනවා ඇත.
11. ඒ කාලයේ මෙගිද්දොන් සමභූමියෙහිදී වූ හදද්රිම්මොන්හි වැලපීම මෙන් යෙරුසලමෙහි මහත් වැලපීමක් වන්නේය.
12. එසේ දේශයේ පෙළපත් වෙන් වෙන් වශයෙන් විලාපකියනවා ඇත; දාවිත්ගේ වංශය පෙළපත වෙනම සහ ඔවුන්ගේ භාර්යාවෝ වෙනමද, නාතාන්ගේ වංශ පෙළපත වෙනම සහ ඔවුන්ගේ භාර්යාවෝ වෙනමද,
13. ලෙවීගේ වංශ පෙළපත වෙනම සහ ඔවුන්ගේ භාර්යාවෝ වෙනමද, ෂිමෙහි පෙළපත වෙනම සහ ඔවුන්ගේ භාර්යාවෝ වෙනමද,
14. ඉතිරිව සිටින සියලු පෙළපත් වෙන් වෙන් වශයෙන් සහ ඔවුන්ගේ භාර්යාවෝ වෙනමද විලාපකියන්නෝය.
About සෙකරියා Chapter 12
Read සෙකරියා Chapter 12 online from the Holy Bible. This chapter is part of the Book of සෙකරියා in the Old Testament. Continue reading with the chapter navigation above or explore the complete book.
Book Information
Book: සෙකරියා
Chapter: 12
Testament: Old Testament
How to Read this Chapter
Use the Previous and Next Chapter buttons to continue reading සෙකරියා. You can also adjust the font size for comfortable reading and browse other books of the Bible using the navigation links.
More Resources
Continue Reading the Bible
Continue reading සෙකරියා Chapter 12 and explore every book, chapter and verse of the Holy Bible. Use the navigation links above and below to move through the Scriptures with ease.
Frequently Asked Questions
What is සෙකරියා Chapter 12?
සෙකරියා Chapter 12 is part of the Book of සෙකරියා in the Holy Bible.
Can I read this chapter online?
Yes. You can read the complete සෙකරියා Chapter 12 online for free with easy chapter navigation.
More Chapters from පැරණි ගිවිසුම
- නික්මයාම Chapter 1
- නික්මයාම Chapter 12
- නික්මයාම Chapter 30
- නික්මයාම Chapter 26
- නික්මයාම Chapter 21
- නික්මයාම Chapter 9
- නික්මයාම Chapter 2
Explore More from සෙකරියා
- සෙකරියා Chapter 7
- සෙකරියා Chapter 1
- සෙකරියා Chapter 8
- සෙකරියා Chapter 11
- සෙකරියා Chapter 10
- සෙකරියා Chapter 3
- සෙකරියා Chapter 5