ශෙපනියා Chapter 1

For English

Read ශෙපනියා Chapter 1 Online

Read ශෙපනියා Chapter 1 online from the Holy Bible. This chapter is part of the Book of ශෙපනියා in the Old Testament. Browse every verse with easy chapter navigation, continue to the next chapter, or explore the complete Book of ශෙපනියා and the Holy Bible online.

Choose a Chapter

A+ A A-

ශෙපනියා 1

පරිච්ඡේදය 1

1. ආමොන්ගේ පුත්‍රවූ යූදාහි රජවූ යොෂියාගේ දවස්වලදී හෙසකියාගේ පුත්‍රවූ අමරියාගේ පුත්‍රයා වන ගෙදලියාගේ පුත්‍රවූ කූෂීගේ පුත්‍රයා වන ශෙපනියා වෙතට පැමිණි ස්වාමීන්වහන්සේගේ වචනයය.

2. මම භූමිය මතුපිටින් සියලු දේ සහමුලින් නැතිකරන්නෙමියි ස්වාමීන්වහන්සේ, කියනසේක.

3. මනුෂ්‍යයා සහ මෘගයා නැතිකරන්නෙමි; ආකාශයේ පක්ෂීන්ද මුහුදේ මත්ස්‍යයන්ද දුෂ්ටයන් ඇතුළුව පැකිලවන දේවල්ද නැතිකරන්නෙමි; භූමිය මතුපිටින් මනුෂ්‍යයා සිඳදමන්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක.

4. තවද මම යූදාටත් යෙරුසලමේ සියලු වැසියන්ටත් විරුද්ධව මාගේ අත දිගුකරන්නෙමි; බාල්ගේ ඉතිරි පංගුවද, පූජකයන් සමඟ කපුවන්ගේ නාමද,

5. ගෙවල් මුදුනේ සිට අහස් සේනාවට නමස්කාරකරන්නන්ද, ස්වාමීන්වහන්සේට, දිවුරා මල්කාම් නමිනුත් දිවුරා නමස්කාරකරනන්ද,

6. ස්වාමීන්වහන්සේ වෙතින් පසුබටවූවන්ද, ස්වාමීන්වහන්සේ නොසෙවුවාවූ, උන්වහන්සේගෙන් විභාග නොකළාවූ අයද මේ ස්ථානයෙන් සිඳදමන්නෙමි.

7. ස්වාමිවූ දෙවියන්වහන්සේ ඉදිරියෙහි නිශ්ශබ්දව සිටින්න. මක්නිසාද ස්වාමීන්වහන්සේගේ දවස ළංව තිබේ. ස්වාමීන්වහන්සේ පූජාවක් පිළියෙළකොට, තමන් විසින් කැඳෙවු අය කැපකර තිබේ.

8. එසේ ස්වාමීන්වහන්සේගේ පූජාවේ දවසේදී අධිපතීන්ටද රජුගේ පුත්‍රයන්ටද විදේශි ඇඳුම් අඳින සියල්ලන්ටද දඬුවම්කරන්නෙමි.

9. ඒ දවසේම එළිපත්ත උඩින් පැන තමුන්ගේ ස්වාමිවරුන්ගේ ගෙවල් බලාත්කාරයෙන්ද ප්‍රයෝගයෙන්ද පුරවන සියල්ලන්ටත් දඬුවම්කරන්නෙමි.

10. එම දවසේම මත්ස්‍ය දොරටුවෙන් ඝෝෂාවක්ද දෙවෙනි කොටසෙන් කෑමොරගැසීමක්ද හෙල්වලින් බිදීම් ගබ්දයක්ද වන්නේයයි ස්වාමීන්වහන්සේ කියනසේක.

11. මක්තේෂ්හි වැසියෙනි, කෑමොරගසාපල්ලා, මක්නිසාද කානාන්හි සියලු සෙනඟ නාස්තිවී ගියාය. මුදල් රැස්කරගත් සියල්ලෝ සිඳදමනු ලැබුවෝය.

12. ඒ කාලයේදී මම පහන් දල්වා යෙරුසලම සෝදිසිකරන්නෙමි; තවද තමුන්ගේ මණ්ඩි පිට තදවී සිටින්නාවූ, ස්වාමීන්වහන්සේ යහපතවත් නපුරවත් කරන්නේ නැතැයි තමුන්ගේ සිත් තුළ සිතාගන්නාවූ මනුෂ්‍යයන්ට දඬුවම්කරන්නෙමි.

13. ඔවුන්ගේ සම්පත් කොල්ලයක්ද ඔවුන්ගේ ගෙවල් පාළුවක්ද වන්නේය. එසේය, ඔවුන් ගෙවල් ගොඩනගන නුමුත් ඒවායේ වාසයකරන්නේවත් මිදිවතු වවන නුමුත් එයින් මුද්‍රිකපානය බොන්නේවත් නැත.

14. ස්වාමීන්වහන්සේගේ මහත් දවස ළංව තිබේ, ඒක, එනම් ස්වාමීන්වහන්සේගේ දවසේ ශබ්දය, ළංව ඉතා ඉක්මනට එන්නේය. එකල බලවතා තදලෙස කෑගසන්නේය.

15. ඒ දවස වනාහි උදහස් දවසක්ය, දුක්ඛිතවූ විපත්ති දවසක්ය, නාස්තිවීමේ හා සුනත්වීමේ දවසක්ය, අන්ධකාරවූ කළුවරවූ දවසක්ය, වලාපටලද ඝනාන්ධකාරයද ඇති දවසක්ය,

16. පවුරු ඇති නුවරවලටත් උස්වූ කොත්වලටත් විරුද්ධව හොරණෑ පිඹීමේද ඝෝෂාකිරීමේද දවසක්ය.

17. ස්වාමීන්වහන්සේට විරුද්ධව පව්කළ බැවින් ඒ මනුෂ්‍යයන් අන්ධයන්මෙන් ඇවිදින හැටියට මම ඔවුන් පිට විපත්ති පමුණුවන්නෙමි. ඔවුන්ගේ ලේ ධූලි මෙන්ද ඔවුන්ගේ මාංසය කසළ මෙන්ද වගුරනු ලබන්නේය.

18. ස්වාමීන්වහන්සේගේ උදහස් දවසේදී ඔවුන්ගේ රිදී නිසාවත් ඔවුන්ගේ රන් නිසාවත් ඔවුන්ට ගැළවෙන්ට නුපුළුවන; උන්වහන්සේගේ ජ්වලිත ගින්නට මුළු දේශය විනාශවන්නේය. මක්නිසාද උන්වහන්සේ දේශයේ වසන සියල්ලන් පිටට අන්තිමයක්, එනම් භයානක අන්තිමයක්, පමුණුවනසේක.

About ශෙපනියා Chapter 1

Read ශෙපනියා Chapter 1 online from the Holy Bible. This chapter is part of the Book of ශෙපනියා in the Old Testament. Continue reading with the chapter navigation above or explore the complete book.

Book Information

Book: ශෙපනියා
Chapter: 1
Testament: Old Testament

How to Read this Chapter

Use the Previous and Next Chapter buttons to continue reading ශෙපනියා. You can also adjust the font size for comfortable reading and browse other books of the Bible using the navigation links.

https://www.youtube.com/watch?v=rzsT_Q3KLzE

More Resources

Continue Reading the Bible

Continue reading ශෙපනියා Chapter 1 and explore every book, chapter and verse of the Holy Bible. Use the navigation links above and below to move through the Scriptures with ease.

Frequently Asked Questions

What is ශෙපනියා Chapter 1?

ශෙපනියා Chapter 1 is part of the Book of ශෙපනියා in the Holy Bible.

Can I read this chapter online?

Yes. You can read the complete ශෙපනියා Chapter 1 online for free with easy chapter navigation.

More Chapters from පැරණි ගිවිසුම

  1. නික්මයාම Chapter 1
  2. නික්මයාම Chapter 30
  3. නික්මයාම Chapter 26
  4. නික්මයාම Chapter 12
  5. නික්මයාම Chapter 9
  6. නික්මයාම Chapter 20
  7. නික්මයාම Chapter 6

Explore More from ශෙපනියා

  1. ශෙපනියා Chapter 2
  2. ශෙපනියා Chapter 3

Related Chapters & Readings

  1. ශු. මතෙව් Chapter 11
  2. ශු. ලූක් Chapter 8
  3. හිතෝපදේශ Chapter 27
  4. යෙසායා Chapter 25
  5. උත්පත්ති Chapter 33
  6. දානියෙල් Chapter 3
  7. 2 ලේකම් Chapter 14
Share Your Love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *