Read විලාප ගී Chapter 1 Online
Read විලාප ගී Chapter 1 online from the Holy Bible. This chapter is part of the Book of විලාප ගී in the Old Testament. Browse every verse with easy chapter navigation, continue to the next chapter, or explore the complete Book of විලාප ගී and the Holy Bible online.
Choose a Chapter
විලාප ගී 1
පරිච්ඡේදය 1
1. සෙනඟගෙන් පිරී තිබුණු නුවර තනිව හිඳින හැටි! ඈ වැන්දඹුවක් මෙන් වූ හැටි! ජාතීන් අතරෙහි උතුම්ව දනව් අතරෙහි කුමාරිකාවක්ව සිටි තැනැත්තී ආදායමට යටත්වූ හැටි!
2. ඈ රාත්‍රියෙහි අතිශයින් හඬයි, ඇගේ කඳුළු ඇගේ කම්මුල් පිට තිබේ; ඇගේ සියලු ප්‍රේමවතුන්ගෙන් ඈ සනසන්ට කිසිවෙක් නැත. ඇගේ සියලු මිත්‍රයෝ ඈට ද්‍රෝහිකම් කළෝය, ඔව්හු ඈට සතුරෝ වී සිටිති.
3. පීඩාව නිසාද අධික දාසකම නිසාද යූදා වහල්කමට ගියාය; ඈ මිථ්‍යාදෘෂ්ටි ජාතීන් අතරෙහි වසයි, ඈ කිසි සහනයක් නොලබයි ඈ පස්සේ එළවාගෙනගිය හැමදෙන කඳු පාරවලදී ඈ අසුකරගත්තෝය.
4. මංගල්‍ය රැස්වීමට එන කෙනෙක් නැති බැවින් සියොන්ට යන මාර්ගයෝ වැලපෙන්නාහ; ඇගේ සියලු දොරටු පාළුව තිබේ, ඇගේ පූජකයෝ සුසුම්ලති. ඇගේ කන්‍යාවෝ ශෝකවෙති, ඈම තික්තකමෙහි සිටියි.
5. ඇගේ එදිරිකාරයෝ ප්‍රධානයෝ වූහ, ඇගේ සතුරෝ සමෘද්ධවෙති; මක්නිසාද ඇගේ අපරාධ රාශිය නිසා ස්වාමීන්වහන්සේ ඈට පීඩාකළසේක. ඇගේ බාලයෝ එදිරිකාරයාට පෙරටුවෙන් වහල්කමට ගියෝය.
6. සියොන් දියණියගේ මුළු මහිමශ්‍රීය ඇගෙන් පහව ගියේය. ඇගේ අධිපතීහු කෑම නොලැබූ මුවන්ට සමානවුණෝය, එළවාගෙන එන්නා ඉදිරියෙහි ඔව්හු බෙලහීනව ගියෝය.
7. යෙරුසලම ඇගේ පීඩාව සහ දුක් දවස්වලදී පුරාණ දවස් පටන් ඈට තිබුණු ඇගේ සියලු ප්‍රිය දේ සිහිකරයි. ඈට උපකාරකරන්නෙක් නැතුව, ඇගේ සෙනඟ එදිරිකාරයා අතට අසුවූ විට, එදිරිකාරයෝ ඈ දැක, ඇගේ විනාශය ගැන සිනාසුණෝය.
8. යෙරුසලම බලවත්ලෙස පව්කළ බැවින් ඈ කිලුටක් වී සිටින්නීය. ඈට ගෞරවකළ සියල්ලෝම ඇගේ නග්නකම දුටු නිසා ඈ හෙළාදකිති. එසේය, ඈ සුසුම්ලා පස්සට හැරීයයි.
9. ඇගේ අපවිත්‍රකම ඇගේ වස්ත්‍ර පිට තිබුණේය; ඈ තමාගේ මතු කාලය සිහි නොකළාය; එබැවින් ඈ පුදුමලෙස පහළ බැස්සාය; ඈට සැනසිලිකාරයෙක් නැත. ස්වාමීන්වහන්ස, මාගේ දුක බැලුව මැනව, මක්නිසාද සතුරා උඩඟුකම්කෙළේය.
10. එදිරිකාරයා ඇගේ සියලු ප්‍රියවූ දේ පිට තමාගේ අත හෙළුවේය. මක්නිසාද ඔබගේ සභාවට ඇතුල් නොවෙන හැටියට ඔබ අණකළ ජාතීන් ඇගේ ශුද්ධස්ථානයට ඇතුල්වෙනවා ඈ දුටුවාය.
11. ඇගේ මුළු සෙනඟ කෑම සොයමින් සුසුම්ලති; පණ රැකගන්න පිණිස ඔව්හු තමුන්ගේ ප්‍රිය දේ ආහාර වෙනුවට දුන්නෝය. ස්වාමීන්වහන්ස, මා නීචවී සිටින බව බලා සැලකුව මැනව.
12. මග යන සියල්ලෙනි, නුඹලා මෙය නොසලකන්නහුද? මට පැමිණ තිබෙන්නාවූ, ස්වාමීන්වහන්සේ තමන් බලවත් උදහසේ දවසේදී මට පැමිණෙවුවාවූ මාගේ ශෝකය වැනි ශෝකයක් ඇද්දැයි බලා දැනගන්න.
13. උන්වහන්සේ ඉහළින් මාගේ ඇට තුළට ගින්න එවූසේක, එය එහි බලය පවත්වයි. උන්වහන්සේ මාගේ පාදවලට දැලක් හෙළූසේක, මා පස්සට හැරවූසේක; මා පාළුවක්ද දවස මුළුල්ලේ බෙලහීනයෙක්ද කළසේක.
14. මාගේ අපරාධ නැමති වියගහ බැඳ තිබෙන්නේ උන්වහන්සේගේ අතින්ය; ඒවා ගෙතී මාගේ බෙල්ල පිට ඝනවී තිබේ; එයින් මාගේ ශක්තිය හීනවිය. මට නැගිටින්ට බැරිලෙස සතුරන් අතට ස්වාමීන්වහන්සේ මා පාවා දුන්සේක.
15. මා තුළ සිටි මාගේ සියලු බලවතුන් ස්වාමීන්වහන්සේ හෙළාදැක්ක සේක; මාගේ යෞවනයන් සුන්කරන්ට උන්වහන්සේ මට විරුද්ධව මංගල්‍ය සභාවක් අඬගසාගත්සේක. ස්වාමීන්වහන්සේ මිදි පැසක් මෙන් යූදාගේ කන්‍යා දුව පෑගූසේක.
16. මේ දේවල් නිසා අඬමි; මාගේ ඇසින්, එසේය, මාගේ ඇසින් කඳුළු ගලන්නේය; මක්නිසාද මා ප්‍රාණවත්කරන්නාවූ සැනසිලිකාරයා මාගෙන් ඈත්ව සිටියි. සතුරා ජයගත් බැවින් මාගේ දරුවෝ අසරණව සිටිති.
17. සියොන් ඇගේ අත් විදහාගන ඉඳයි; ඈ සනසන්ට කෙනෙක් නැත; යාකොබ් අවට සිටින්නන් ඔහුගේ සතුරන් වන ලෙස ස්වාමීන්වහන්සේ අණකර තිබේ. යෙරුසලම ඔවුන් අතරෙහි කිලුටක්වී තිබේ.
18. ස්වාමීන්වහන්සේ ධර්මිෂ්ඨය; මක්නිසාද මම උන්වහන්සේගේ ආඥාවට විරුද්ධව කැරළිගැසීමි. අනේ සියලු ජනයෙනි, අසා මාගේ ශෝකය බලන්න. මාගේ කන්‍යාවෝද මාගේ යෞවනයෝද වහල්කමට ගියෝය.
19. මාගේ ප්‍රේමවන්තයන්ට අඬගැසීමි, නුමුත් ඔව්හු මා රුවටුවෝය. මාගේ පූජකයෝද මාගේ වැඩිමහල්ලෝද තමුන්ගේ ප්‍රාණ රැකගන්න පිණිස තමුන්ට කෑම සොයන අතර නුවරදී නැසී ගියෝය.
20. ස්වාමීන්වහන්ස, බැලුව මැනව; මක්නිසාද විපතට පත්ව සිටිමි; මාගේ බඩවැල් කැලඹී තිබේ; මාගේ හෘදය මා තුළ පෙරළී තිබේ; මක්නිසාද මම බලවත්ලෙස කැරළිගැසීමි. පිටතදී කඩුව දරුවන් නැතිකරන්නේය, ගෙයි මරණය වැන්නක් ඇත්තේය.
21. මා සුසුම්ලනවා ඔව්හු ඇසුවෝය; මා සනසන්ට කෙනෙක් නැත; මාගේ සියලු සතුරෝ මාගේ විපත්තිය ගැන ඇසුවෝය; ඔබ ඒක කළ නිසා ඔව්හු සතුටුවෙති. ඔබ ප්‍රකාශකළ දවස ඔබ පමුණුවන සේක, ඔව්හුද මා හා සමානවන්නෝය.
22. ඔවුන්ගේ සියලු දුෂ්ටකම් ඔබ ඉදිරියට පැමිණේවා; මාගේ සියලු අපරාධ නිසා ඔබ මට කළාක්මෙන් ඔවුන්ටත් කළ මැනව. මක්නිසාද මාගේ සුසුම්ලෑම් බොහෝය, මාගේ සිතද ක්ලාන්තව තිබේ.
About විලාප ගී Chapter 1
Read විලාප ගී Chapter 1 online from the Holy Bible. This chapter is part of the Book of විලාප ගී in the Old Testament. Continue reading with the chapter navigation above or explore the complete book.
Book Information
Book: විලාප ගී
Chapter: 1
Testament: Old Testament
How to Read this Chapter
Use the Previous and Next Chapter buttons to continue reading විලාප ගී. You can also adjust the font size for comfortable reading and browse other books of the Bible using the navigation links.
More Resources
Continue Reading the Bible
Continue reading විලාප ගී Chapter 1 and explore every book, chapter and verse of the Holy Bible. Use the navigation links above and below to move through the Scriptures with ease.
Frequently Asked Questions
What is විලාප ගී Chapter 1?
විලාප ගී Chapter 1 is part of the Book of විලාප ගී in the Holy Bible.
Can I read this chapter online?
Yes. You can read the complete විලාප ගී Chapter 1 online for free with easy chapter navigation.
More Chapters from පැරණි ගිවිසුම
- නික්මයාම Chapter 1
- නික්මයාම Chapter 12
- නික්මයාම Chapter 6
- නික්මයාම Chapter 30
- නික්මයාම Chapter 26
- නික්මයාම Chapter 21
- නික්මයාම Chapter 10