විලාප ගී Chapter 2

For English

Read විලාප ගී Chapter 2 Online

Read විලාප ගී Chapter 2 online from the Holy Bible. This chapter is part of the Book of විලාප ගී in the Old Testament. Browse every verse with easy chapter navigation, continue to the next chapter, or explore the complete Book of විලාප ගී and the Holy Bible online.

Choose a Chapter

විලාප ගී 2

පරිච්ඡේදය 2

1. ස්වාමීන්වහන්සේ තමන්ගේ උදහසින් සියොන් දුව වලාකුළකින් වැසූ හැටි! ‍‍ උන්වහන්සේ ඉශ්‍රායෙල්ගේ අලංකාරය ස්වර්ගයෙන් පොළොවට හෙළූසේක, තමන් උදහසේ දවසේදී තමන් පා පුටුව සිහි නොකළසේක.

2. ස්වාමීන්වහන්සේ අනුකම්පා නොකොට, යාකොබ්ගේ සියලු වාසස්ථාන නටබුන්කළසේක; උන්වහන්සේ තමන් කෝපයෙන් යූදා දුවගේ බලකොටු බිඳහෙළූසේක; ඒවා බිමටම ගෙනාසේක. උන්වහන්සේ රාජ්‍යයද එහි අධිපතීන්ද කෙලහූසේක.

3. උන්වහන්සේ බලවත් උදහසෙන් ඉශ්‍රායෙල්ගේ අඟ සහමුලින් සිඳ දැමූසේක; තමන්ගේ දකුණත සතුරා ඉදිරියෙන් පස්සට ඇදගත්සේක. වටකරින් නාස්තිකරන ඇවිළෙන ගින්නක් මෙන් උන්වහන්සේ යාකොබ් දැවූසේක.

4. උන්වහන්සේ සතුරෙකු මෙන් තමන් දුන්න තැත්කැවූසේක, එදිරිකාරයෙකු මෙන් සිය දකුණත ඔසවා, ඇසට ප්‍රියවූ සියල්ලන් නැසූසේක. සියොන් දුවගේ කූඩාරමෙහි ගින්නක් මෙන් තමන් කෝපය වැගිරෙවුසේක.

5. ස්වාමීන්වහන්සේ සතුරෙකු මෙන් වූසේක, ඉශ්‍රායෙල් නටබුන් කළසේක; උන්වහන්සේ ඇගේ සියලු මාළිගා නටබුන්කොට, ඔහුගේ බලකොටු විනාශකළසේක. යූදා දුව කෙරෙහි වැලපීමත් ශෝකයත් වැඩිකළසේක.

6. උන්වහන්සේ තමන් මණ්ඩපය වත්තක් මෙන් පාළුකරදැමූසේක; ස්වකීය රැස්වීමේ ස්ථානය විනාශකළසේක. ස්වාමීන්වහන්සේ සියොන්හි මංගල්‍යය සහ සබත් දවස මතකනැති කෙරෙවුසේක, තමන් උදහසේ කෝපයෙන් රජු සහ පූජකයා එපාකළසේක.

7. ස්වාමීන්වහන්සේ තමන් පූජාසනය අහකදැමූසේක, තමන් ශුද්ධස්ථානය පිළිකුල්කළසේක, ඇගේ මාළිගාවල පවුරු සතුරා අතට පාවාදුන්සේක. මංගල්‍ය දවසකදී මෙන් ඔව්හු ස්වාමීන්වහන්සේ ගෘහයෙහි ශබ්ද පැවැත්තුවෝය.

8. ස්වාමීන්වහන්සේ සියොන් දුවගේ පවුර නාස්තිකරන්ට අදහස්කළසේක; ලනුව ඇද නටබුන්කිරීමෙන් තමන් අත අහක්කර නොගත්සේක. උන්වහන්සේ කොටු-තාප්පය සහ පවුර වැලපෙන්ට සැලැස්වූසේක; ඒවා එක්ව මලානිකවෙති.

9. ඇගේ දොරටු පොළොවට ගිලුණේය; උන්වහන්සේ ඇගේ අගුල් නාස්තිකර කඩාදැමූසේක. ඇගේ රජද අධිපතීහුද ජාතීන් අතරේ සිටිති; ව්‍යවස්ථාවක් නැත. එසේය, ඇගේ ප්‍රොපේතවරු ස්වාමීන්වහන්සේගෙන් දර්ශනයක් නොලබති.

10. සියොන් දුවගේ වැඩිමහල්ලෝ බිම හිඳගෙන නිශ්ශබ්දව සිටිති; ඔව්හු තමුන්ගේ හිස් පිට ධූලි දමාගෙන, ගෝණි රෙදි හැඳ සිටිති. යෙරුසලමේ කන්‍යාවෝ තමුන්ගේ හිස් බිමට නමාගෙන හිඳිති.

11. මාගේ දියණිය වන සෙනඟගේ විනාශය නිසා මාගේ ඇස් කඳුළින් ක්ෂයවේ, මාගේ බඩවැල් කැලඹී, මාගේ අක්මාව බිම වැගිරී තිබේ; මක්නිසාද ළමයින් සහ කිරි දරුවෝ නුවර වීථිවලදී ක්ලාන්තවෙති.

12. නුවර වීථිවල තුවාලවූවන් මෙන් ඔව්හු ක්ලාන්තවෙමින්, තමුන්ගේ ප්‍රාණ තමුන්ගේ මවුවරුන්ගේ ළයෙහි වගුරුවන කල්හි, ධාන්‍ය සහ මුද්‍රිකපානයත් කොයිදැයි තමුන්ගේ මවුවරුන්ට කියති.

13. යෙරුසලමේ දියණියෙනි, මම නුඹට මොන දැනමුතුකමක් දෙම්ද? නුඹට කුමක් සමානකරම්ද? සියොන් කන්‍යා දියණියෙනි, මා විසින් නුඹ සනසන පිණිස නුඹට කුමක් සමකරම්ද? මක්නිසාද නුඹේ බිඳුම මුහුද මෙන් මහත්ය. නුඹට සුවකරන්ට කාට පුළුවන්ද?

14. නුඹේ ප්‍රොපේතවරු බොරු නිරර්ථක දර්ශන නුඹට දැන්නුවෝය; ඔව්හු නුඹේ වහල්කම පහකිරීමට නුඹේ අපරාධය එළිදරව් නොකළෝය. නිෂ්ඵලකමේ අනාගත කීම්ද රටෙන් පිටිවහල් කිරීමට කරුණුද නුඹට දැන්නුවෝය.

15. මග යන සියල්ලෝ නුඹට විරුද්ධව අත්පුඩිගසති; ඔව්හු පරිහාසකොට, යෙරුසලම් දුවට විරුද්ධව තමුන්ගේ හිස්වනමින්: පරම අලංකාරකමය, මුළු පොළොවට ප්‍රීති හේතුවයයි කී නුවර මේකදැයි කියති.

16. නුඹේ සියලු සතුරෝ නුඹට විරුද්ධව තමුන්ගේ මුඛය විදහා, පරිහාසකොට, දත්මිටිකති; අපි ඈ නටබුන්කෙළෙමුව, සැබවින්ම අප බලා සිටි දවස මේය; අපි ඊට පැමිණ දුටිමුයයි කියති.

17. ස්වාමීන්වහන්සේ තමන් යෝජනා කළ දේ ඉෂ්ටකළසේක; උන්වහන්සේ පුරාණ දවස්වල සිට නියමකර තිබුණු තමන් කීම සම්පූර්ණකළසේක; උන්වහන්සේ අනුකම්පා නොකොට, හෙළාදැමූසේක. සතුරා නුඹට විරුද්ධව සන්තෝෂවෙන්ට සලස්වා, නුඹේ එදිරිකාරයන්ගේ අඟ එසෙවුසේක.

18. ඔවුන්ගේ සිත් ස්වාමීන්වහන්සේට කෑගැසීය. අහෝ සියොන් දුවගේ පවුර, රෑ දාවල් ගඟක් මෙන් කඳුළු වගුරුවන්න; නිස්කලංක නොගන්න; නුඹේ ඇසේ කළුඉංගිරියාව නොනවතීවා.

19. නැගිට, රාත්‍රී යාමවල මුලදී ඝෝෂා කොට, නුඹේ සිත ස්වාමීන්වහන්සේගේ මුහුණ ඉදිරිපිට වතුර මෙන් වගුරුවන්න. සියලු වීථි සන්ධිවලදී බඩගින්නෙන් ක්ලාන්තවෙන්නාවූ නුඹේ ළමයින්ගේ ප්‍රාණ උදෙසා නුඹේ අත් උන්වහන්සේ දෙසට ඔසවන්න.

20. ස්වාමීන්වහන්ස, ඔබ මෙසේ කළේ කාටදැයි බලා කල්පනාකළ මැනව. ස්ත්‍රීහු ස්වකීය ඵල වන අත දරුවන් කන්නෝද? පූජකයා සහ ප්‍රොපේතයාත් ස්වාමීන්වහන්සේගේ ශුද්ධස්ථානයෙහිදී මරනු ලබන්නෝද?

21. බාලයාද මහල්ලාද වීථිවල බිම වැතිර සිටිති; මාගේ කන්‍යාවෝද මාගේ යෞවනයෝද කඩුවෙන් වැටුණෝය. ඔබ ස්වකීය උදහසේ දවසේදී ඔවුන් නැසූසේක; අනුකම්පා නොකොට, මරාදැමූසේක.

22. මංගල්‍ය රැස්වීමකදී මෙන් භීති මා වටකරින්ම එන ලෙස ඔබ අඬගැසූසේක; කිසිවෙක් ස්වාමීන්වහන්සේගේ උදහස් දවසේදී ගැළවී ඉතුරු නොවීය. මා විසින් වඩා ඇතිකළවුන් මාගේ සතුරා නාස්තිකෙළේය.

About විලාප ගී Chapter 2

Read විලාප ගී Chapter 2 online from the Holy Bible. This chapter is part of the Book of විලාප ගී in the Old Testament. Continue reading with the chapter navigation above or explore the complete book.

Book Information

Book: විලාප ගී
Chapter: 2
Testament: Old Testament

How to Read this Chapter

Use the Previous and Next Chapter buttons to continue reading විලාප ගී. You can also adjust the font size for comfortable reading and browse other books of the Bible using the navigation links.

https://www.youtube.com/watch?v=rzsT_Q3KLzE

More Resources

Continue Reading the Bible

Continue reading විලාප ගී Chapter 2 and explore every book, chapter and verse of the Holy Bible. Use the navigation links above and below to move through the Scriptures with ease.

Frequently Asked Questions

What is විලාප ගී Chapter 2?

විලාප ගී Chapter 2 is part of the Book of විලාප ගී in the Holy Bible.

Can I read this chapter online?

Yes. You can read the complete විලාප ගී Chapter 2 online for free with easy chapter navigation.

More Chapters from පැරණි ගිවිසුම

  1. නික්මයාම Chapter 1
  2. නික්මයාම Chapter 12
  3. නික්මයාම Chapter 30
  4. නික්මයාම Chapter 26
  5. නික්මයාම Chapter 21
  6. නික්මයාම Chapter 10
  7. නික්මයාම Chapter 9

Explore More from විලාප-ගී

  1. විලාප ගී Chapter 1
  2. විලාප ගී Chapter 4
  3. විලාප ගී Chapter 3
  4. විලාප ගී Chapter 5

Related Chapters & Readings

  1. යෙසායා Chapter 36
  2. 2 සාමුවෙල් Chapter 12
  3. ගණන් කථාව Chapter 3
  4. තීතස් Chapter 2
  5. එසකියෙල් Chapter 26
  6. 1 කොරින්ති Chapter 6
  7. ගීතාවලිය Chapter 62
Share Your Love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *