යෝවෙල් Chapter 1

For English

Read යෝවෙල් Chapter 1 Online

Read යෝවෙල් Chapter 1 online from the Holy Bible. This chapter is part of the Book of යෝවෙල් in the Old Testament. Browse every verse with easy chapter navigation, continue to the next chapter, or explore the complete Book of යෝවෙල් and the Holy Bible online.

Choose a Chapter

යෝවෙල් 1

පරිච්ඡේදය 1

1. පෙතුයෙල්ගේ පුත්‍රවූ යෝවෙල් වෙතට පැමිණි ස්වාමීන්වහන්සේගේ වචනයය.

2. මහල්ලෙනි, මේක අසන්න, දේශයේ සියලුම වැසියෙනි, කන් යොමුකරන්න. නුඹලාගේ දවස්වල හෝ නුඹලාගේ පියවරුන්ගේ දවස්වල හෝ මෙබඳු දෙයක් සිද්ධවීද?

3. නුඹලාගේ දරුවන්ට ඒ ගැන කියාදෙන්න, නුඹලාගේ දරුවෝ තමුන්ගේ දරුවන්ටත් ඔවුන්ගේ දරුවෝ තවත් පරම්පරාවකටත් කියාදෙත්වා.

4. පළඟැටි පණුවන් ඉතිරි කළ ඒවා පළඟැටියෝ කෑවෝය; පළගැටියන් ඉතිරිකළ ඒවා කෙඳි-පළඟැටියෝ කෑවෝය; කෙඳි-පළඟැටියන් ඉතිරි කළ ඒවා කපන-පළඟැටියෝ කෑවෝය.

5. සුරාසොඬුනි, පිබිද අඬන්න; මුද්‍රිකපානය බොන සියල්ලෙනි, මිදියුස නුඹලාගේ මුඛවලින් පහවුණු නිසා ඒ ගැන කෑමොරගසන්න.

6. මක්නිසාද බලවත්වූ ගණනාවක් නැති ජාතියක් මාගේ දේශයට නැගී ආවෝය; උන්ගේ දත් සිංහ දත්ය, සිංහ ධේනුවෙකුගේ දළදත්ද උන්ට තිබේ.

7. උන් මාගේ මිදිවැල පාළුකොට, මාගේ අත්තික්කා ගහ කඩාදමා, එහි පොතු ගළවා හෙළාදැමුවෝය; එහි අතුද සුදුවී තිබේ.

8. තරුණ වයසේ පුරුෂයා නිසා ගෝණි රෙදි ඇඳසිටින කන්‍යාවක් මෙන් වැලපෙන්න.

9. ආහාර පූජාවද පාන පූජාවද ස්වාමීන්වහන්සේගේ ගෘහයෙන් පහවගියේය; ස්වාමීන්වහන්සේගේ මෙහෙකරුවූ පූජකයෝ වැලපෙන්නෝය.

10. කෙත් නාස්තිවී තිබේ, දේශය වැලපෙයි; මක්නිසාද ගොයම් නාස්තිවී, මිදියුස සිදී, තෙල් හීනවී තිබේ.

11. ගොවියෙනි, තිරිඟු සහ යව ගැන ලජ්ජාවෙන්න, මිදිවතුකාරයෙනි, කෑමොරගසන්න; මක්නිසාද කෙතේ අස්වැන්න නාස්තිවිය.

12. මිදිවැල වියළී, අත්තික්කා ගස මැලවී, දෙළුම් ගසද තල් ගසද ජම්බු ගසද යනාදිවූ කෙතේ සියලුම ගස් වියළී තිබේ. මක්නිසාද මනුෂ්‍ය පුත්‍රයන්ගෙන් ප්‍රීතිය පහවගියේය.

13. පූජකයෙනි, ගෝණිරෙදි ඔතාගන විලාප කියන්න; පූජාසනයේ සේවකයෙනි, කෑමොරගසන්න; මාගේ දෙවියන්වහන්සේගේ සේවකයෙනි, ඇවිත් ගෝණිරෙදි පෙරවාගන මුළු රාත්‍රියෙහි වැතිර ඉඳින්න. මක්නිසාද ආහාර පූජාවද පාන පූජාවද නුඹලාගේ දෙවියන්වහන්සේගේ ගෘහයට නොපැමිණෙන්නේය.

14. ශුද්ධවූ උපවාසයක්ද රැස්වීමක්ද ප්‍රසිද්ධකර, නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ ගෘහයට වැඩිමහල්ලන්ද දේශයේ සියලුම වැසියන්ද රැස්කර, ස්වාමීන්වහන්සේට මොරගසන්න.

15. අහෝ ඒ දවසේ හැටි! මක්නිසාද ස්වාමීන්වහන්සේගේ දවස ළංව තිබේ, ඒක සර්වපරාක්‍රමයාණන්වහන්සේ එවන විනාශයක් මෙන් පැමිණෙන්නේය.

16. අපේ ඇස් ඉදිරියෙහිම කෑමත් අපේ දෙවියන්වහන්සේගේ ගෘහයෙන් ප්‍රීති සන්තෝෂයත් පහවගියා නොවේද?

17. බීජ ඒවායේ පිඩලි යට දිරායයි; අටු පාළුවී, ගබඩා කඩාවැටී තිබේ; මක්නිසාද ගොයම් වියළී තිබේ.

18. සිව්පාවුන් කෙඳිරිගාන හැටි! ගව රැළවලට තෘණ නැති නිසා උන් කැලඹී ඇවිදිති; එසේය, බැටළු රැළවලුත් නාස්තිවුණෝය.

19. ස්වාමීන්වහන්ස, ඔබට යාච්ඤාකරමි. මක්නිසාද කාන්තාරයේ ගොදුරු-බිම් ගින්නෙන් නාස්තිවී ගියේය, කෙතේ සියලු ගස්ද ගිනිදැල්ලට දාගියේය.

20. වනයේ මෘගයෝ පවා ඔබවහන්සේ දෙස බලා හතිදමති. මක්නිසාද වතුර ඔයවල් හිදීගියේය, කාන්තාරයේ පිට්ටනිද ගින්නෙන් නාස්තිවිය.

About යෝවෙල් Chapter 1

Read යෝවෙල් Chapter 1 online from the Holy Bible. This chapter is part of the Book of යෝවෙල් in the Old Testament. Continue reading with the chapter navigation above or explore the complete book.

Book Information

Book: යෝවෙල්
Chapter: 1
Testament: Old Testament

How to Read this Chapter

Use the Previous and Next Chapter buttons to continue reading යෝවෙල්. You can also adjust the font size for comfortable reading and browse other books of the Bible using the navigation links.

https://www.youtube.com/watch?v=rzsT_Q3KLzE

More Resources

Continue Reading the Bible

Continue reading යෝවෙල් Chapter 1 and explore every book, chapter and verse of the Holy Bible. Use the navigation links above and below to move through the Scriptures with ease.

Frequently Asked Questions

What is යෝවෙල් Chapter 1?

යෝවෙල් Chapter 1 is part of the Book of යෝවෙල් in the Holy Bible.

Can I read this chapter online?

Yes. You can read the complete යෝවෙල් Chapter 1 online for free with easy chapter navigation.

More Chapters from පැරණි ගිවිසුම

  1. නික්මයාම Chapter 1
  2. නික්මයාම Chapter 12
  3. නික්මයාම Chapter 30
  4. නික්මයාම Chapter 26
  5. නික්මයාම Chapter 21
  6. නික්මයාම Chapter 9
  7. නික්මයාම Chapter 2

Explore More from යෝවෙල්

  1. යෝවෙල් Chapter 2
  2. යෝවෙල් Chapter 3

Related Chapters & Readings

  1. ශු. මතෙව් Chapter 4
  2. 1 සාමුවෙල් Chapter 2
  3. ගීතාවලිය Chapter 78
  4. කොලොස්සි Chapter 1
  5. ගීතාවලිය Chapter 42
  6. ගණන් කථාව Chapter 24
  7. 1 සාමුවෙල් Chapter 1
Share Your Love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *