1 තෙසලෝනික Chapter 4

For English

Read 1 තෙසලෝනික Chapter 4 Online

Read 1 තෙසලෝනික Chapter 4 online from the Holy Bible. This chapter is part of the Book of 1 තෙසලෝනික in the New Testament. Browse every verse with easy chapter navigation, continue to the next chapter, or explore the complete Book of 1 තෙසලෝනික and the Holy Bible online.

Choose a Chapter

1 තෙසලෝනික 4

පරිච්ඡේදය 4

1. ඉතින්, සහෝදරයෙනි, නුඹලා කොයි ආකාර හැසිර දෙවියන්වහන්සේ ප්‍රසන්නකරන්ට ඕනෑද කියා නුඹලා අපෙන් දැනගත් ලෙසද, නුඹලා හැසිරෙන ලෙසද, වඩ වඩා කරන මෙන් ස්වාමිවූ යේසුස්වහන්සේ තුළ අපි නුඹලාගෙන් ඉල්ලමින් අවවාදකරමුව.

2. මක්නිසාද අපි ස්වාමිවූ යේසුස්වහන්සේගේ නාමයෙන් නුඹලාට මොන ආඥා දුනිමුද කියා නුඹලා දන්නහුය.

3. දෙවියන්වහන්සේගේ කැමැත්ත නම්, නුඹලා ශුද්ධව සිටීමය-නුඹලා වේශ්‍යාකමින් වැලකී,

4. නුඹලාගෙන් එකිනෙකා තම තමාගේ භාජනය, දෙවියන්වහන්සේ නාඳුනන්නාවූ ජාතීන් මෙන් කාමරාගයෙහි නොව,

5. ශුද්ධකමෙහිත් ගෞරවයෙහිත් තබාගන්ට දැනගන සිටීමත්,

6. මේ කාරණය ගැන කිසිවෙක් තමාගේ සහෝදරයා රවටා වාසියක් නොගැනීමත්ය. මක්නිසාද අපි පළමු නුඹලාට කියා සාක්ෂිදුන් ලෙස, ස්වාමීන්වහන්සේ එබඳුවූ සියල්ල ගැන පළිගන්න කෙනෙක්ය.

7. දෙවියන්වහන්සේ අප කැඳෙවුවේ අපවිත්‍රකමට නොව ශුද්ධකමටය.

8. එබැවින් එපාකරන්නා මනුෂ්‍යයාව නොව තමන්ගේ ශුද්ධාත්මයාණන් නුඹලාට දෙන්නාවූ දෙවියන්වහන්සේව එපා කරන්නේය.

9. එහෙත් සහෝදර ප්‍රේමය ගැන නම් නුඹලාට ලියන්ට වුවමනා නැත. මක්නිසාද එකිනෙකාට ප්‍රේමකරන්ට නුඹලාම දෙවියන්වහන්සේගෙන් ඉගෙනගෙන සිටින්නහුය.

10. සැබවින් නුඹලා මකිදෝනිය මුළුල්ලෙහි සිටින සියලු සහෝදරයන්ට එසේ ප්‍රේමකරන්නහුය. එහෙත්, සහෝදරයෙනි, වඩ වඩා එසේ කරන මෙන්ද,

11. පිටත සිටින්නන් ගැන ඔබිනලෙස හැසිරෙන පිණිසත් කිසි හිඟයක් නැතුව සිටින පිණිසත්,

12. අප නුඹලාට අණකළ ලෙස නිශ්චලව සිටින්ට උත්සාහකරන මෙන්ද, නුඹලාගේම කාරණා බලාගන්න මෙන්ද, නුඹලාගේ අත්වලින් වැඩකරන මෙන්ද, අපි නුඹලාට අවවාදකරමුව.

13. තවද, සහෝදරයෙනි, බලාපොරොත්තුවක් නැත්තාවූ අන් තැනැත්තන් මෙන් නුඹලා සෝක නොවන පිණිස, සැතපෙන්නන් ගැන නුඹලා නොදැන සිටිනවාට අපි නොකැමැත්තෙමුව.

14. මක්නිසාද යේසුස්වහන්සේ මැරී නැවත නැගුටුණුසේකැයි අපි අදහමු නම්, එසේම දෙවියන්වහන්සේ යේසුස්වහන්සේ කරණකොටගෙන, සැතපී සිටින්නන් උන්වහන්සේ සමඟ ගෙනෙනසේක.

15. මක්නිසාද ස්වාමීන්වහන්සේගේ ඊම දක්වා ජීවත්ව ඉතුරුවෙන අපි සැතපුණු තැනැත්තන්ට කිසිසේත් ඉස්සර නොවන්නෙමුයයි ස්වාමීන්වහන්සේගේ වචනයෙන් අපි නුඹලාට කියමුව.

16. මක්නිසාද ස්වාමීන්වහන්සේම මහත් ශබ්දයක්ද උත්තම දේවදූතයෙකුගේ හඬද දෙවියන්වහන්සේගේ හොරණෑ නාදයද ඇතුව ස්වර්ගයෙන් බස්නාසේක. ක්‍රිස්තුස්වහන්සේ තුළ මළාවූ අය පළමුකොට නැගිටින්නෝය.

17. එවිට ජීවත්ව ඉතුරුව සිටින අපි එකවිටම ඔවුන් සමඟ ස්වාමීන්වහන්සේ සම්මුඛවන පිණිස වලාකුල්වලින් අහසට ඇදගනු ලබන්නෙමුව. මෙසේ අපි නිතරම ස්වාමීන්වහන්සේ සමඟ සිටින්නෙමුව.

18. ඉන්නිසා මේ වචනවලින් එකිනෙකා සනසාගන්න.

About 1 තෙසලෝනික Chapter 4

Read 1 තෙසලෝනික Chapter 4 online from the Holy Bible. This chapter is part of the Book of 1 තෙසලෝනික in the New Testament. Continue reading with the chapter navigation above or explore the complete book.

Book Information

Book: 1 තෙසලෝනික
Chapter: 4
Testament: New Testament

How to Read this Chapter

Use the Previous and Next Chapter buttons to continue reading 1 තෙසලෝනික. You can also adjust the font size for comfortable reading and browse other books of the Bible using the navigation links.

https://www.youtube.com/watch?v=rzsT_Q3KLzE

More Resources

Continue Reading the Bible

Continue reading 1 තෙසලෝනික Chapter 4 and explore every book, chapter and verse of the Holy Bible. Use the navigation links above and below to move through the Scriptures with ease.

Frequently Asked Questions

What is 1 තෙසලෝනික Chapter 4?

1 තෙසලෝනික Chapter 4 is part of the Book of 1 තෙසලෝනික in the Holy Bible.

Can I read this chapter online?

Yes. You can read the complete 1 තෙසලෝනික Chapter 4 online for free with easy chapter navigation.

More Chapters from 1-තෙසලෝනික

  1. 1 තෙසලෝනික Chapter 1
  2. 1 තෙසලෝනික Chapter 5
  3. 1 තෙසලෝනික Chapter 3
  4. 1 තෙසලෝනික Chapter 2

Explore More from නව ගිවිසුම

  1. කොලොස්සි Chapter 4
  2. 2 කොරින්ති Chapter 7
  3. තීතස් Chapter 2
  4. රෝම Chapter 10
  5. 1 කොරින්ති Chapter 11
  6. ශු. යොහන් Chapter 7
  7. ක්රිරයා Chapter 6

Related Chapters & Readings

  1. ගීතාවලිය Chapter 33
  2. 1 ලේකම් Chapter 26
  3. එළිදරව් Chapter 1
  4. හිතෝපදේශ Chapter 3
  5. යෙරෙමියා Chapter 45
  6. ද්වීතීය කථාව Chapter 21
  7. ද්වීතීය කථාව Chapter 7
Share Your Love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *