1 යොහන් Chapter 4

For English

Read 1 යොහන් Chapter 4 Online

Read 1 යොහන් Chapter 4 online from the Holy Bible. This chapter is part of the Book of 1 යොහන් in the New Testament. Browse every verse with easy chapter navigation, continue to the next chapter, or explore the complete Book of 1 යොහන් and the Holy Bible online.

Choose a Chapter

1 යොහන් 4

පරිච්ඡේදය 4

1. ප්‍රේමවන්තයෙනි, බොහෝ බොරු ප්‍රොපේතවරු ලෝකයට පැමිණ සිටින බැවින් සියලු ආත්ම විශ්වාස නොකොට ඒ ආත්ම දෙවියන්වහන්සේගෙන්දැයි පරීක්ෂාකරන්න.

2. මෙයින් නුඹලා දෙවියන්වහන්සේගේ ආත්මයාණන්වහන්සේ දැනගන්නහුය. එනම්, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ මාංසයෙන් යුක්තව ආ බව ඒත්තුගන්නාවූ සෑම ආත්මයෝ දෙවියන්වහන්සේගෙන්ය.

3. යේසුස්වහන්සේ ඒත්තු නොගන්නාවූ සියලු ආත්මයෝ දෙවියන්වහන්සේගෙන් නොවෙති. එන්නේයයි නුඹලා ඇසුවාවූ, දැනටම ලෝකයෙහි සිටින්නාවූ විරුද්ධ-ක්‍රිස්තුස්ගේ ආත්මය මේය.

4. මාගේ ප්‍රිය දරුවෙනි, නුඹලා දෙවියන්වහන්සේට අයිතිව, ලෝකයෙහි සිටින තැනැත්තාට වඩා නුඹලා තුළ සිටින තැනන්වහන්සේ උතුම් බැවින්, නුඹලා ඔවුන්ගෙන් ජයගෙන සිටින්නෝය. ඔව්හු ලෝකයෙන් වෙති.

5. එබැවින් ලෝකයෙන් වූවාක්මෙන් කථාකරති, ලෝකයාද ඔවුන්ගේ වචන අසති.

6. අපි දෙවියන්වහන්සේගෙන් වෙමුව. දෙවියන්වහන්සේව අඳුනන තැනැත්තේ අපේ වචන අසන්නේය; දෙවියන්වහන්සේගෙන් නොවන තැනැත්තේ අපේ වචන අසන්නේ නැත. මෙයින් සැබෑකමේ ආත්මයත් මුළාවේ ආත්මයත් අපි දැනගනිමුව.

7. ප්‍රේමවන්තයෙනි, අපි එකිනෙකාට ප්‍රේමකරමු. මක්නිසාද ප්‍රේමය දෙවියන්වහන්සේගෙන්ය; ප්‍රේමකරන සෑමදෙනම දෙවියන්වහන්සේගෙන් ඉපද සිටිති, දෙවියන්වහන්සේව අඳුනති.

8. ප්‍රේම නොකරන්නා දෙවියන්වහන්සේව නාඳුනයි; මක්නිසාද දෙවියන්වහන්සේ ප්‍රේමයය.

9. අප කෙරෙහි තිබෙන දෙවියන්වහන්සේගේ ප්‍රේමය ප්‍රකාශ කරනු ලැබුවේ දෙවියන්වහන්සේ ස්වකීය ඒකජාතක පුත්‍රයාණන් කරණකොටගෙන අප ජීවත්වන පිණිස උන්වහන්සේ ලෝකයට එවූ කාරණයෙන්ය.

10. ප්‍රේමය මේය, එනම් අප දෙවියන්වහන්සේට ප්‍රේමකළා නොව උන්වහන්සේ අපට ප්‍රේමකොට, අපේ පව් උදෙසා ශාන්තිකර පූජාව වන පිණිස තමන්ගේ පුත්‍රයා එවූ බවය.

11. ප්‍රේමවන්තයෙනි, දෙවියන්වහන්සේ අපට මෙසේ ප්‍රේමකළසේක් නම්, අප විසිනුත් එකිනෙකාට ප්‍රේමකළ යුතුය.

12. කිසිවෙක් කිසි කලක දෙවියන්වහන්සේව දුටුවේ නැත. අපි එකිනෙකාට ප්‍රේමකරමු නම්, දෙවියන්වහන්සේ අප තුළ සිටිනසේක, උන්වහන්සේගේ ප්‍රේමයද අප තුළ සම්පූර්ණවී තිබේ.

13. අප උන්වහන්සේ තුළද උන්වහන්සේ අප තුළද සිටින බව අප විසින් දැනගන්නේ උන්වහන්සේ තමන්ගේ ආත්මයාණන් අපට දී තිබෙන නිසාය.

14. පියාණන්වහන්සේ විසින් පුත්‍රයාණන් ලෝකයාගේ ගැළවුම්කාරයා කොට එවූ බව අපි දුටිමුව, ඊට සාක්ෂිදෙමුව.

15. යේසුස්වහන්සේ දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන් බව යමෙක් ඒත්තුගන්නේද, දෙවියන්වහන්සේ ඔහු තුළත් ඔහු දෙවියන්වහන්සේ තුළත් ඇත්තේය.

16. දෙවියන්වහන්සේ අප කෙරෙහි ඇති ප්‍රේමය අපි දැන විශ්වාසකරගන සිටිමුව. දෙවියන්වහන්සේ ප්‍රේමයය; ප්‍රේමයෙහි පවතින්නා දෙවියන්වහන්සේ තුළ සිටී, දෙවියන්වහන්සේද ඔහු තුළ සිටිනසේක.

17. අප තුළ ප්‍රේමය සම්පූර්ණව තිබීම නම්, ඒ තැනන්වහන්සේ සිටින ආකාරයටම අපත් මේ ලෝකයෙහි සිටින බැවින්, විනිශ්චය දවස ගැන නිසැකකම ඇතුව සිටීමය.

18. ප්‍රේමයෙහි භය ඇත්තේ නැත. සම්පූර්ණ ප්‍රේමය භය දුරුකරයි, මක්නිසාද භය දඬුවමින් යුක්තය; භයවන තැනැත්තේ ප්‍රේමයෙහි සම්පූර්ණ නොවී සිටියි.

19. අප ප්‍රේමකරන්නේ උන්වහන්සේ පළමුකොට අපට ප්‍රේමකළ නිසාය.

20. යමෙක්: දෙවියන්වහන්සේට ප්‍රේමකරමියි කියා තමාගේ සහෝදරයාට වෛරකෙරේ නම්, ඔහු බොරුකාරයෙක්ය. මක්නිසාද තමා දුටු සහෝදරයාට ප්‍රේම නොකරනවා නම්, තමා නුදුටු දෙවියන්වහන්සේට ප්‍රේමකරන්ට ඔහුට නුපුළුවන.

21. දෙවියන්වහන්සේට ප්‍රේම කරන තැනැත්තේ තමාගේ සහෝදරයාටත් ප්‍රේමකරනාවා යන මේ ආඥාව අපි උන්වහන්සේගෙන් ලැබීමුව.

About 1 යොහන් Chapter 4

Read 1 යොහන් Chapter 4 online from the Holy Bible. This chapter is part of the Book of 1 යොහන් in the New Testament. Continue reading with the chapter navigation above or explore the complete book.

Book Information

Book: 1 යොහන්
Chapter: 4
Testament: New Testament

How to Read this Chapter

Use the Previous and Next Chapter buttons to continue reading 1 යොහන්. You can also adjust the font size for comfortable reading and browse other books of the Bible using the navigation links.

https://www.youtube.com/watch?v=rzsT_Q3KLzE

More Resources

Continue Reading the Bible

Continue reading 1 යොහන් Chapter 4 and explore every book, chapter and verse of the Holy Bible. Use the navigation links above and below to move through the Scriptures with ease.

Frequently Asked Questions

What is 1 යොහන් Chapter 4?

1 යොහන් Chapter 4 is part of the Book of 1 යොහන් in the Holy Bible.

Can I read this chapter online?

Yes. You can read the complete 1 යොහන් Chapter 4 online for free with easy chapter navigation.

More Chapters from 1-යොහන්

  1. 1 යොහන් Chapter 5
  2. 1 යොහන් Chapter 2
  3. 1 යොහන් Chapter 3

Explore More from නව ගිවිසුම

  1. ශු. මතෙව් Chapter 15
  2. රෝම Chapter 11
  3. ශු. ලූක් Chapter 23
  4. ශු. යොහන් Chapter 14
  5. ශු. මතෙව් Chapter 23
  6. එපීස Chapter 1
  7. කොලොස්සි Chapter 3

Related Chapters & Readings

  1. ශු. ලූක් Chapter 24
  2. ද්වීතීය කථාව Chapter 1
  3. ගීතාවලිය Chapter 96
  4. යෝබ් Chapter 21
  5. විනිශ්චයකාරයන් Chapter 1
  6. ගීතාවලිය Chapter 58
  7. යෙසායා Chapter 54
Share Your Love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *