Read දානියෙල් Chapter 10 Online
Read දානියෙල් Chapter 10 online from the Holy Bible. This chapter is part of the Book of දානියෙල් in the Old Testament. Browse every verse with easy chapter navigation, continue to the next chapter, or explore the complete Book of දානියෙල් and the Holy Bible online.
Choose a Chapter
දානියෙල් 10
පරිච්ඡේදය 10
1. පර්සියාවේ රජවූ කෝරෙෂ්ගේ තුන්වෙනි අවුරුද්දේ බේල්ටෙෂශර් නම්වූ දානියෙල්ට කාරණයක් එළිදරව්විය; ඒ කාරණය සැබෑය, එනම් මහත් යුද්ධයක් ගැනය. ඔහු කාරණය කල්පනාකර, දර්ශනය තේරුම්ගත්තේය.
2. ඒ දවස්වලදී දානියෙල් වන මම සති තුනක් මුළුල්ලේම වැලපෙමින් සිටියෙමි.
3. සති තුනක්ම පසුවෙන තුරු මා රස ආහාර කෑවේවත් මස් හෝ මුද්‍රිකපානය මාගේ කටට ගත්තේවත් තෙල් ගාගත්තේවත් නැත.
4. පළමුවෙනි මාසයේ විසිහතරවෙනිදා හිද්දෙකෙල් යන මහත් ගංගාව අසබඩ සිටියදී,
5. මාගේ ඇස් ඔසවා බලා, මනුෂ්‍යයෙක් සිහින් හණ රෙදි ඇඳ, ඌපාස්හි පිරිසිදු රනින් ඉඟටිය බැඳගන සිටිනවා දුටිමි.
6. ඔහුගේ ශරීරය රන්කාන්තියක් මෙන්ය, ඔහුගේ මුහුණ විදුලියේ පෙනීම මෙන්ය, ඔහුගේ ඇස් ගිනි පහන් මෙන්ය, ඔහුගේ හස්ත සහ පාද ඔප්නැගූ පිත්තල මෙන්ය, ඔහුගේ වචනවල හඬ සමූහයක හඬ මෙන්ය.
7. දානියෙල් වන මම පමණක් දර්ශනය දුටිමි. මා සමඟ සිටි මනුෂ්‍යයන් දර්ශනය දුටුවේ නැත; එහෙත් මහත් භීතියක් ඔවුන් පිටට පැමිණ, ඔව්හු සැඟවෙන පිණිස පලාගියෝය.
8. මම පමණක් ඉතිරිව සිට, ඒ මහත් දර්ශනය දුටුවෙමි, කිසි ශක්තියක් මා තුළ ඉතිරි නොවීය. මා කෙරෙහි මාගේ ශෝභනකමද අජීවකමට හැරුණේය, කිසි ශක්තියක්ද මා තුළ නොපැවතුණේය.
9. එහෙත් ඔහුගේ වචනවල හඬ මට ඇසුණේය. ඔහුගේ වචනවල හඬ මට ඇසුණු කල මුර්ඡාවී මුහුණින් බිම වැටුණෙමි.
10. එවිට අතක් මට ස්පර්ශවී, මාගේ දණහිස්ද අතුල්ද බිම ගසා ඉන්ට මට සැලැස්විය.
11. ඔහු මට කථාකොට: බොහෝ ප්‍රේමලත් මනුෂ්‍යයාවූ දානියෙල්, මා විසින් නුඹට කියන වචන කල්පනාකර, නැගිට කෙළින් සිටින්න; මක්නිසාද මම දැන් නුඹ ළඟට එවනලද්දෙමියි කීවේය. ඔහු ඒ වචනය මට කී විට මම වෙවුලමින් සිටියෙමි.
12. ඔහු මට කථාකොට: දානියෙල්, භය නොවන්න; මක්නිසාද නුඹ තේරුම්ගන්ටත් නුඹේ දෙවියන්වහන්සේ ඉදිරියෙහි යටත්වෙන්ටත් නුඹේ සිත යොමුකරගත් පළමුවෙනිදා සිට නුඹේ වචන අසනු ලැබීය. මමද නුඹේ වචන නිසා ආවෙමි.
13. පර්සියා රාජ්‍යයේ අධිපතියා විසිඑක් දවසක් මට විරුද්ධව සිටියේය; නුමුත් ප්‍රධාන අධිපතීන්ගෙන් එක්කෙනෙක් වන මීකායෙල් තෙම මට උපකාරකරන්ට ආයේය. එසේ මම පර්සියාවේ රජවරුන් වෙත එහි ප්‍රමාදවුණෙමි.
14. මතු දවස්වල නුඹේ සෙනඟට සිද්ධවෙන්ට තිබෙන කාරණා නුඹට තේරුම්කරදෙන්ට ආවෙමි. මක්නිසාද දර්ශනය [ඉෂ්ටවෙන්ට] තව බොහෝ දවස් ඇත්තේයයි කීවේය.
15. ඔහු මෙබඳු වචන මට කී විට, මාගේ මුහුණ බිමට නමා ගොළුව උන්නෙමි.
16. එකල මනුෂ්‍ය පුත්‍රයන්ට සමානවූ කෙනෙක් මාගේ තොල් ස්පර්ශකෙළේය. මම වනාහි මාගේ කට ඇර, මා ඉදිරියෙහි සිටි තැනැත්තාට කථාකරමින්: මාගේ ස්වාමිනි, දර්ශනය නිසා මට රුජාවක් අල්ලා, මා තුළ කිසි ශක්තියක් ඉතිරි නොවීය.
17. මේ මාගේ ස්වාමිහුගේ මෙහෙකරුවාට මේ මාගේ ස්වාමීන් සමඟ කථාකරන්ට පුළුවන් කොහොමද? මෙතැන් පටන් මා තුළ නම් කිසි ශක්තියක් නොතිබුණේය, හුස්මද මා තුළ ඉතිරි නොවීයයි කීවෙමි.
18. එවිට නැවත මනුෂ්‍ය පෙනීම ඇති කෙනෙක් මට තට්ටුකර මා සවිකෙළේය.
19. ඔහු මට කථාකොට: බොහෝ ප්‍රේමලත් මනුෂ්‍යය, භය නොවන්න. නුඹට සමාදානය වේවා, සවිවෙන්න, සවිවෙන්නැයි කීවේය. ඔහු මට කථාකළ විට මම සවිවී: ස්වාමීන්වහන්සේ කථාකරනසේක්වා, ඔබ මා සවිකළසේකැයි කීවෙමි.
20. එවිට ඔහු: මම නුඹ ළඟට කුමකට ආයෙම්දැයි දන්නෙහිද? මම දැන් පර්සියාවේ අධිපතියා සමඟ යුද්ධකරන්ට හැරී යන්නෙමි. මා පිටත්ව ගිය කල ග්‍රීසියේ අධිපතියා එන්නේය.
21. එහෙත් සැබෑකමේ ලියවිල්ලෙහි ලියා තිබෙන දේ නුඹට දන්වන්නෙමි. ඔවුන්ට විරුද්ධව නුඹලාගේ අධිපතියාවූ මීකායෙල් මිස මට උපකාරකරන වෙන කිසිවෙක් නැත්තේය.
About දානියෙල් Chapter 10
Read දානියෙල් Chapter 10 online from the Holy Bible. This chapter is part of the Book of දානියෙල් in the Old Testament. Continue reading with the chapter navigation above or explore the complete book.
Book Information
Book: දානියෙල්
Chapter: 10
Testament: Old Testament
How to Read this Chapter
Use the Previous and Next Chapter buttons to continue reading දානියෙල්. You can also adjust the font size for comfortable reading and browse other books of the Bible using the navigation links.
More Resources
Continue Reading the Bible
Continue reading දානියෙල් Chapter 10 and explore every book, chapter and verse of the Holy Bible. Use the navigation links above and below to move through the Scriptures with ease.
Frequently Asked Questions
What is දානියෙල් Chapter 10?
දානියෙල් Chapter 10 is part of the Book of දානියෙල් in the Holy Bible.
Can I read this chapter online?
Yes. You can read the complete දානියෙල් Chapter 10 online for free with easy chapter navigation.
More Chapters from දානියෙල්
- දානියෙල් Chapter 1
- දානියෙල් Chapter 7
- දානියෙල් Chapter 11
- දානියෙල් Chapter 5
- දානියෙල් Chapter 12
- දානියෙල් Chapter 3
- දානියෙල් Chapter 2
Explore More from පැරණි ගිවිසුම
- යෙසායා Chapter 45
- යෙසායා Chapter 60
- ගීතාවලිය Chapter 84
- ගීතාවලිය Chapter 137
- 1 ලේකම් Chapter 28
- දේශනාකාරයා Chapter 2
- යෙරෙමියා Chapter 4