යාකොබ් Chapter 3

For English

Read යාකොබ් Chapter 3 Online

Read යාකොබ් Chapter 3 online from the Holy Bible. This chapter is part of the Book of යාකොබ් in the New Testament. Browse every verse with easy chapter navigation, continue to the next chapter, or explore the complete Book of යාකොබ් and the Holy Bible online.

Choose a Chapter

යාකොබ් 3

පරිච්ඡේදය 3

1. මාගේ සහෝදරයෙනි, (ගුරුවරු වන) අපට, වඩා බරපතළ විනිශ්චය පැමිණෙන බව දැන, බොහෝ දෙනෙක් ගුරුවරු වෙන්ට නොසොයන්න,

2. මක්නිසාද බොහෝ වර අපි සියල්ලෝ පැකිලෙමුව. යමෙක් වචනයෙන් නොපැකිලේ නම්, ඔහු මුළු ශරීරය දමනයකරගන්ට පුළුවන් සම්පූර්ණ මනුෂ්‍යයෙක්ය.

3. අශ්වයන් අපට කීකරුකරගන්න පිණිස උන්ගේ කටවල කටකලියා දැමුවාම අපි උන්ගේ මුළු ශරීරයත් හරවාගනිමුව.

4. මෙන්න, නැව් එපමණ මහත් නුමුත්, තද හුළංවලින් ගෙනයනු ලබන නුමුත්, ඉතා කුඩා සුක්කානමකින් එය අල්ලන්නා විසින් කැමති අතට හරවනු ලබයි.

5. එලෙසම දිව කුඩා අවයවයක් නුමුත් ලොකුවට පාරට්ටුකරයි. කුඩා ගින්නකින් කොපමණ මහත් වනාන්තරයක් පත්තුවෙනවා නොවේද? දිවද ගින්නක්ය.

6. එය අපේ අවයවයන් අතරේ අධර්මිෂ්ඨකමේ ලෝකයක්ය. ඒක මුළු ශරීරය කිලුටුකොට, සකල ලෝකයට ගිනි අවුලවයි, ඒකට ගිනි ඇවිලෙන්නේ නිරයෙන්ය.

7. එසේය, සියලු ආකාර වන මෘගයෝද පක්ෂීහුද බඩගායන ජාතීන් හා මුහුදේ සත්වයෝද මනුෂ්‍යයන් විසින් දමනයකරනු ලබති, දමනයකරනු ලැබුවෝය.

8. නුමුත් දිව දමනයකරන්ට කිසි මනුෂ්‍යයෙකුට නුපුළුවන. ඒක කැරළිකාරවූ, මරණීය විෂයෙන් පූර්ණවූ, නපුරු දෙයක්ය.

9. එයින් ස්වාමිවූ පියාණන්වහන්සේට අපි ප්‍රශංසාකරමුව; එයින්ම දෙවියන්වහන්සේගේ සමානත්වය ලෙස මවනලද මනුෂ්‍යයන්ට අපි ශාපකරමුව.

10. ප්‍රශංසාවත් ශාපයත් එක මුඛයෙන් නික්මෙන්නේය. මාගේ සහෝදරයෙනි, මේ කාරණා මෙසේ වීම යුතු නැත.

11. උල්පත එක සිදුරෙන් මිහිරි දියත් තික්ත දියත් නිකුත්කරයිද?

12. මාගේ සහෝදරයෙනි, අත්තික්කා ගහේ ඔලීව ඵලවත් මුද්‍රික වැලේ අත්තික්කා ඵලවත් හටගන්ට පුළුවන්ද? කරදියෙන් මිරිදිය නික්මෙන්ට නුපුළුවන.

13. නුඹලා අතරෙහි ප්‍රඥාවත්වූ තේරුම්ඇත්තාවූ තැනැත්තා කවුද? ඔහු යහපත් හැසිරීමෙන් තමාගේ ක්‍රියා ප්‍රඥාවේ මෘදුකම ඇතුව පෙන්වාවා.

14. නුමුත් නුඹලාගේ සිත්වල තික්ත ඊර්ෂ්‍යාවද පක්ෂවාදිකමද තිබේ නම්, පාරට්ටුකරමින් සත්‍යයට විරුද්ධව බොරු නොකියන්න.

15. ඒ ප්‍රඥාව ඉහළින් පැමිණෙන එකක් නොව භූමිකව මාංසිකව යක්ෂාකාරව තිබේ.

16. මක්නිසාද ඊර්ෂ්‍යාවත් පක්ෂවාදිකමත් ඇති තැන, අවුල්කමත් සියලු නපුරු ක්‍රියාවලුත් ඇත්තේය.

17. නුමුත් ඉහළින් පැමිණෙන ප්‍රඥාව පළමුකොට පිරිසිදුව, ඊළඟට සමාදානව, ඉවසිලිවන්තව, යටහත්ව, දයාවෙනුත් යහපත් ඵලවලිනුත් පූර්ණව, අපක්ෂවාදිව, අවංකව තිබේ.

18. තවද සමාදානකරන්නන් උදෙසා ධර්මිෂ්ඨකමේ ඵලය සමාදානයෙන් වපුරනු ලැබේ.

About යාකොබ් Chapter 3

Read යාකොබ් Chapter 3 online from the Holy Bible. This chapter is part of the Book of යාකොබ් in the New Testament. Continue reading with the chapter navigation above or explore the complete book.

Book Information

Book: යාකොබ්
Chapter: 3
Testament: New Testament

How to Read this Chapter

Use the Previous and Next Chapter buttons to continue reading යාකොබ්. You can also adjust the font size for comfortable reading and browse other books of the Bible using the navigation links.

https://www.youtube.com/watch?v=rzsT_Q3KLzE

More Resources

Continue Reading the Bible

Continue reading යාකොබ් Chapter 3 and explore every book, chapter and verse of the Holy Bible. Use the navigation links above and below to move through the Scriptures with ease.

Frequently Asked Questions

What is යාකොබ් Chapter 3?

යාකොබ් Chapter 3 is part of the Book of යාකොබ් in the Holy Bible.

Can I read this chapter online?

Yes. You can read the complete යාකොබ් Chapter 3 online for free with easy chapter navigation.

More Chapters from නව ගිවිසුම

  1. එපීස Chapter 1
  2. එපීස Chapter 4
  3. එපීස Chapter 3
  4. එපීස Chapter 2
  5. ශු. ලූක් Chapter 15
  6. එපීස Chapter 5
  7. ශු. ලූක් Chapter 23

Explore More from යාකොබ්

  1. යාකොබ් Chapter 2
  2. යාකොබ් Chapter 5
  3. යාකොබ් Chapter 4
  4. යාකොබ් Chapter 1

Related Chapters & Readings

  1. එසකියෙල් Chapter 5
  2. ගීතාවලිය Chapter 20
  3. එපීස Chapter 4
  4. 2 සාමුවෙල් Chapter 15
  5. 1 තිමෝති Chapter 3
  6. යෙරෙමියා Chapter 29
  7. ගීතාවලිය Chapter 141
Share Your Love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *